පෙබරවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    කාර්යාල සේවකයින්ට නාරාහේන්පිට සිට ප්‍රධාන නගර 05 ට ප්‍රවාහන සේවා

    නොවැම්බර් 03, 2021

    ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ගේ උපදෙස් පරිදි මාර්ග බලපත්‍ර තිබෙන බස්රථ යොදා ගනිමින් නාරාහේන්පිට ශාලිකා ක්‍රිඩාංගනය අසලින් ප.ව 4.15 ට ගාල්ල,මහනුවර, රත්නපුර, කුරුණෑගල සහ හලාවත යන ප්‍රධාන නගර 05 ට විශේෂ කාර්යාල ප්‍රවාහන සේවාවක් ආරම්භ කිරිමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවරගෙන ඇත.

     

    එම කාර්යාල ප්‍රවාහන සේවාව ආරම්භ කිරිම (01) පස්වරුවේ ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් සිදුකරන ලදී.

    කොවිඩ් වසංගත තත්ත්වය පාලනය වීමත්,පලාත් සංචරන සීමා ඉවත් කිරීමත් සමගම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලට රැකියා සඳහා පැමිණෙන සේවකයින්ගෙ පහසුව සඳහා මෙම කාර්යාල ප්‍රවාහන සේවාවන් ආරම්භ කිරිමට පියවර ගෙන ඇත.

    රාජ්‍ය හා පෞද්ගලික අංශයේ දෙපාර්තමේන්තු සහ ආයතන විශාල ප්‍රමාණයක් නාරාහේන්පිට නගරයේ පිහිටා තිබීම හේතුවෙන් විශාල පිරිසක් දෛනිකව නාරාහේන්පිට නගරයට පැමිණෙන බැවින්, ප්‍රථම පියවර ලෙස මෙම කාර්යාල ප්‍රවාහන සේවාව නාරාහේන්පිට නගරයෙන් ආරම්භ කිරිමට තීරණය කරඇත .

    මෙහි දෙවන පියවර ලෙස රාජ්‍ය දෙපාර්තමේන්තු හා පෞද්ගලික ආයතන පිහිටා තිබෙන බත්තරමුල්ල සහ පැලවත්ත යන නගරවලින් ද ඉදිරි දිනවලදි ප්‍රධාන නගර කිහිපයකට මෙවැනිම කාර්යාල බස්රථ සේවාවන් අරම්භ කිරිමට සැලසුම්කර ඇතිබව ජාතික ගමනාගමන කොමිෂන් සභාව අවධාරණය කරයි .

    සොෟඛ්‍ය අමාත්‍යාංයෙන් නිකුත් කරන ලද සියලුම කොවිඩ් ආරක්ෂිත මාර්ගෝපදේශවලට අනුකූලව මෙම ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය අවධාරණය කරයි. මෙම කාර්යාල ප්‍රවාහන සේවාවන් ආරම්භ කිරිමේ අවස්ථාවට ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් මොන්ටි රණතුංග, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂි වෙල්ගම යන මහත්වරුන්ද සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya