පෙබරවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    සංචාරක ආකර්ෂණිය දුම්රිය ස්ථාන නවිකරණය කඩිනම් කිරීමට ඒකාබද්ධ කමිටුවක්

    නොවැම්බර් 03, 2021

    සංචාරක ආකර්ෂණිය දුම්රිය ස්ථාන නවිකරණය කිරිම කඩිනම් කිරීම සදහා සංචාරක හා ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සමන්විත ඒකාබද්ධ කමිටුවක් පත්කෙරේ.

    දැනට ක්‍රියාත්මක දුම්රිය ස්ථාන නවිකරණය කිරීමේ ව්‍යාපෘතිවල ප්‍රමාදයන් වළක්වා ගැනීමත්, එම කටයුතු කඩිනමින් අවසන් කිරීමත් එහි අරමුණයි.

    සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග, ප්‍රවාහන ඇමති පවිත්‍රා වන්නිආරච්චි, සංචාරක සංවර්ධන අධිකාරියේ නිළධාරින් සහ දුම්රිය දෙපාර්තුමේන්තුවේ නිළධාරින් අතර පසුගිය දා (29) පැවති සාකච්ඡාවක දී මෙම තීරණයට එළඹිණි. මේ වන විට සංචාරක අමාත්‍යාංශය මගින් නානුඔය, වැලිගම, ඇල්ල, බණ්ඩාරවෙල, බෙන්තොට, ගාල්ල, හපුතලේ යන දුම්රිය ස්ථාන සංචාරක ආකර්ෂණිය දුම්රිය ස්ථාන ලෙස නවිකරණය කිරිමට කටයුතු යොදා තිබේ. දැනටමත් ඇල්ල, බණ්ඩාරවෙල, බෙන්තොට සහ ගාල්ල යන දුම්රිය ස්ථානවල නවීකරණය කටයුතු අවසන්ව ඇතැයි සංචාරක අමාත්‍යාංශ ලේකම් එස්.හෙට්ටිආරච්චි මහතා මෙහි දි කියා සිටියේය. ඔහු පෙන්වා දුන්නේ
    ඒවායේ නඩත්තු කටයුතු දුම්රිය දෙපාර්තුමේන්තුව විසින් නිසි ලෙස සිදු නොකරන බවට පැමිණිලි ලැබී ඇති බවයි. මේ සම්බන්ධයෙන් වහා සොයා බලා කටයුතු කරන්න යැයි ප්‍රවාහන ඇමතිවරිය දුම්රිය බළධාරින්ට උපදෙස් දුන්නාය.

    බණ්ඩාරවෙල සහ නානුඔය දුම්රිය ස්ථාන නවීකරණය සදහා මේ වසරේ රුපියල් මිලියන 62 ක මුදලක් වෙන් කර තිබේ. හපුතලේ දුම්රිය ස්ථානයේ පැරණි ගබඩාව සංචාරක ගිමන්හලක් ලෙස සංවර්ධනය කිරිමට අපේක්ෂිතයි. එහි සංචාරක නැරඹුම් මධ්‍යස්ථානයක් සහ පහසුකම් මධ්‍යස්ථානයක් ඉදි කිරිමට ද සැලසුම් කර තිබේ.

    කඩුගන්නාව දුම්රිය ස්ථානයේ ඇති පොහොර ගබඩාව ද නවීකරණය කොට සංචාරක ගිමන්හලක් ලෙස සංවර්ධනය කිරිමට සංචාරක අමාත්‍යාංශය සැලසුම් කර ඇතැයි මෙහි දි අනාවරණය විය. කොළඹ කොටුව, මහනුවර සහ ගාල්ල දුම්රිය ස්ථාන වල සංචාරක තොරතුරු මධ්‍යස්ථාන පිහිටුවීමට නියමිතයි. සංචාරක ආකර්ෂණය සහිත ගමනාන්ත වෙත ධාවනය වන දුම්රියන්හි මැදිරි කීපයක් නවින බොජුන්හල් ලෙස නවිකරණය කිරිමටත්, ජංගම පුස්තකාල ඇති කිරිමටත් මෙහි දි දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. ත්‍රිකුණාමලය දක්වා ධාවනය වන දුම්රිය සදහා සුඛෝපභෝගී මැදිරියක් එක් කිරිමට ද සංචාරක අමාත්‍යාංශය යෝජනා කළ අතර ඊට ප්‍රවාහන අමාත්‍යාංශයේ එකගත්වය පළ විය.

    සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දි සදහන් කළේ සංචාරක ආකර්ෂණය සහිත දුම්රිය ස්ථාන නවිකරණය කර භාරදිමෙන් පසු ඒවා නඩත්තු කිරිමේ ක්‍රමවේදයකන් සකස් කළ යුතු බවයි. ඒ සදහා
    අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කළ යුතු යැයි යෝජනා කළ රණතුංග මහතා දුම්රිය දෙපාර්තුමේන්තුව සතුව ඇති සංචාරක ආකර්ෂණය සහිත ස්ථාන සංවර්ධනය කිරිම සදහා ඒකාබද්ධ
    වැඩපිළිවෙලක් සකස් විය යුතුව ඇතැයි මෙහි දි පෙන්වා දුන්නේය.

    ප්‍රවාහන ඇමතිවරිය ඊට එකගත්වය පළ කළාය. සති දෙකක් තුළ අදාළ කමිටුව රැස් වි ඊට අදාළ යෝජනා සකස් කොට අමාත්‍යවරුන් දෙදෙනාය ඉදිරිපත්කොට ඒ අනුව නැවත රැස් වී ඉදිරි ක්‍රියාමාර්ග ගැනිමටත් මෙහි දි තීරණය කෙරිණි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya