කොන්සල් කාර්යාලය විසින් ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, සංචාරක ව්‍යාපාරය, තේ සහ ඇතැම් අත්කම් නිර්මාණ නිරූපණය වන විචිත්‍රවත් පින්තූරවලින් ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටිය නිර්මාණය කර අලංකාර කරන ලදී.
සංචාරක කර්මාන්තය සහ ‘සිලෝන් තේ’ පිළිබඳ වීඩියෝ පෙළක් රූපවාහිනී තිරයක් හරහා මෙම ප්‍රදර්ශනය පුරාවට ඉදිරිපත් කෙරුණු අතර, කොන්සල් කාර්ය මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ ආශ්චර්යයන්, සිලෝන් තේ වල සුවිශේෂත්වය සහ එහි ප්‍රභේද පිළිබඳව පැමිණ සිටි පිරිසට පැහැදිලි කරන ලදී. ප්‍රදර්ශන කුටිය වෙත පැමිණි අයට උණුසුම් ‘සිලෝන් තේ’ කෝප්ප පිරිනැමුණු අතර, අමුත්තන් විසින් තේ පැකැට්ටු, නිවසේ සිට රස විඳීම සඳහා මිලදී ගැනීමට කටයුතු කරන ලදී.
1993 වසරේ සිට සංවිධානය කෙරුණු ගුවැන්ෂු ප්‍රදර්ශනය, චීනය සහ විදේශයන්හි මිත්‍ර කලාප සහ නගර සමඟ කලාපීය සහයෝගිතාව ඇති කර ගැනීම සඳහා වැදගත් වේදිකාවක් සපයයි. 2014 වසරේ සිට කොන්සල් කාර්යාලය චීනයේ පිහිටි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තේ සමාගම්වල නියෝජිතයින් සමඟ තුන් වරක් මෙම ප්‍රදර්ශනයට සහභාගි වී ඇත. නරඹන්නන් 45,000ක් සහභාගී වූ මෙම ප්‍රදර්ශනය සඳහා චීනයේ පිහිටි කොන්සල් කාර්යාල 13ක් ඇතුළුව දේශීය හා ජාත්‍යන්තර ව්‍යවසායකයන් සියයකට අධික පිරිසක් සහභාගි වී සිටියහ.