පෙබරවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    යුගදනවි ආයෝජනය රටට ලැබුණු අනඟි අවස්ථාවක්-විදුලිය බලධාරීහු පෙන්වා දෙති

    නොවැම්බර් 03, 2021

     

     ලාභදායී විදුලිය උත්පාදන ක්‍රමවලට නොගිය හොත් විදුලි බිල වැඩි කිරීමට සිදු වෙයි

    යුගදනවි ආයෝජනය රටට ලැබුණු අනඟි අවස්ථාවක් බැවින් එය ප්‍රයෝජනයට ගැනීම සඳහා කෙටි කාලීන ගැටලු අමතක කර දීර්ඝ කාලීන ප්‍රතිලාභ දෙස බැලිය යුතු බව විදුලිබල ක්ෂේත්‍රයේ බලධාරීහු පෙන්වා දෙති.

    රටේ විදුලි සැපයුම 95%ක් ඉක්මවා සම්පූර්ණ කර ඇති බැවින් ජනතා විදුලි අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට අඩු පිරිවැය බලාගාර ඉදි කළ යුතු බවත් එසේ නොවුණහොත් විදුලි බිල ඉහළ යාම වැළැක්විය නොහැකි බවත් විදුලිබල ක්ෂේත්‍රයේ බලධාරීහු කියා සිටිති.

    අලුත් සංකල්ප, අලුත් තාක්ෂණය සමග අතරමැදි බලශක්ති ප්‍රභවයන්ට යා යුතු බව අනිවාර්ය සාධකයක් වී ඇති බවත්, LNG විදුලි උත්පාදනය අඩු පිරිවැය සහිත පරිසර හිතකාමී ක්‍රමයක් බැවින් යුගදනවි බලාගාරයේ සිදු වීමට නියමිත පරිවර්තනය, රටේ ජනතාවට වාසිදායක සේම ආණ්ඩුවට ලාභදායී ව්‍යාපෘතියක් බවත් ඔවුහු පෙන්වා දෙති.

    අද (03) පස්වරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වුණු විශේෂ මාධ්‍ය හමුවේ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් බලධාරීහු මේ බව කියා සිටියහ.
    ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා විසින් “යුගදනවි ව්‍යාපෘතියේ ඇත්ත කතාව” තේමා කරගනිමින් අද මාධ්‍ය හමුව මෙහෙයවනු ලැබිණ. දෛනික විදුලි අවශ්‍යතාව සීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතී. එක් විදුලි ඒකකයක නිෂ්පාදන පිරිවැය රුපියල් 23 – 24 දක්වා වැඩි වී තිබේ. එසේ වුවද රජය විදුලි පාරිභෝගිකයාට විදුලි ඒකකයක් සපයනු ලබන්නේ රුපියල් 16.65කට බව විදුලිබල මණ්ඩලයේ සභාපති, එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා පැවසීය.

    දීර්ඝ කාලයක් තිස්සේ සාකච්ඡා වෙමින් තිබූ විදුලි ජනන ව්‍යාපෘති රාශියක් විවිධ හේතූන් නිසා රටට අහිමි වූ බවත් අඛණ්ඩව විදුලි සැපයීම සඳහා විදුලි ජනනය ඉහළ නැංවීම අනිවාර්යය සාධකයක් බවත් සභාපතිවරයා කියා සිටියේය.
    යුගදනවි ආයෝජන ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමෙන් දේශීය විදේශීය කර්මාන්තකරුවාට අඩු පිරිවැයකින් විදුලි පරිභෝජනයට අවස්ථාව හිමිවන බව ලංකා විදුලි පුද්ගලික සමාගමේ සභාපති, නීතිඥ අතුල ද සිල්වා මහතා පැවසීය. වසරකට විදුලිය ඒකක මිලියන 40,000ක් සමස්ත විදුලි පරිභෝජනයට අවශ්‍ය බවත්, එම ඒකක ප්‍රමාණය අඩු පිරිවැයකින් ජනනය කිරීමෙන් පමණක් ජනතාවට සහන මිලට විදුලිය ලබාගැනීමේ අවස්ථාව හිමි වන බවත් විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී එම්.ආර්. රණතුංග මහතා පෙන්වා දුන්නේය.

    යුදගනවි බලාගාරයේ උද්ගතව ඇති වත්මන් තත්ත්වය පිළිබඳ වෘත්තීය සමිති නායකයන් බලධාරීන් සමග සාකච්ඡා පැවැත්වූවා දැයි මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් එම්.ආර්. රණතුංග මහතා කියා සිටියේ කිසිදු අවස්ථාවක කිසිම වෘත්තීය සමිතියක් සාකච්ඡාවකට ඉල්ලීම් නොකළ බව ය.

    ඕනෑම අවස්ථාවක තමා ඇතුළු බලධාරීන් යුගදනවි ව්‍යාපෘතිය පිළිබඳ වන තාක්ෂණික ක්‍රියාදාමය සහ ප්‍රතිලාභ පිළිබඳ පැහැදිලි කිරීමට සූදානම් බවත් ය. ඉදිරියේ දී රට තුළ විදුලි කප්පාදුවකට ඉඩක් පවතී දැයි මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් සාමාන්‍යාධිකාරීවරයා කියා සිටියේ සමහර කණ්ඩායම් ජනතාව බිය වැද්දීමට කරන ප්‍රකාශ නොසලකා හරින ලෙසත් අඛණ්ඩ විදුලි සැපයීමකට බොහෝ වෘත්තීය සමිති සහාය පළ කර ඇති බවත් ය.

    විදුලිබල මණ්ඩලයේ අතිරේක ලේකම්, ආචාර්ය සුසන්ත පෙරේරා ද මෙම මාධ්‍ය හමුවට සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya