ලොව පුරා හින්දු බැතිමතුන් සමරන බොහෝ උත්සවවලින් දීපාවලි උත්සවයට හිමිවනුයේ විශේෂයකි. හින්දු බැතිමතුන්ගේ ආධ්‍යාත්මික උත්සවයක් සහ ඉපැරණි සංස්කෘතික මංගල්‍යයක් වන දීපාවලි මංගල්‍යය මඟින් ජීවිතයේ අයහපත දුරු කර යහපත උදාකර ගැනීම අපේක්ෂා කෙරේ.
මෙම පහන් මංගල්‍යයෙන් සංකේතවත් කරනුයේ, ගුණවත්කමේ බලමහිමය සහ අහංකාරත්වයේ නිසරු බවයි. ප‍්‍රමාද වී හෝ සත්‍ය ජය ගන්නා බවත්, අන්ධකාරයෙන් සංකේතවත් කරන නිසරු බව පහව ගොස්, සශ්‍රීකත්වය, සතුට හා සාමය පිරි සෞභාග්‍යය උදාවෙන බවත් හින්දු බැතිමත්හු විශ්වාස කරති.
පාරිසරික සෘතු විපර්යාස සමඟ අනාදිමත් කාලයක් මානවයා ඇති කරගත් ආධ්‍යාත්මික හුවමාරුව ඉතා ප‍්‍රබෝධයෙන් හා භක්තියෙන් සමරන, දීපාවලි මංගල්‍යය ලොකු කුඩා සියලූ දෙනා තුළ සතුට සහ උද්‍යෝගය ඇති කරවයි.
දීපාවලි මංගල්‍යය සමග විශ්වයට ප‍්‍රවේශ වන පංචායතන ශක්තියෙන් ලෝකවාසී සියලූ දෙනාට සතුට, සමෘද්ධිය, ධනය සහ දිව්‍යමය ශක්තිය ලැබේවා යි ප්‍රාර්ථනා කරමි.