අප්‍රේල් 22, 2025
tami eng youtube  twitter facebook

    දීපවාලි උත්සවය ඉතා භක්තියෙන් සමරන සියලු හින්දු බැතිමතුන් වෙනුවෙන් මාගේ සුභාශිංසන එක්කරන්නේ ඉමහත් සතුටුනි - අගමැති

    නොවැම්බර් 04, 2021

     

    සියලු දෙනාගේ සිතුම් පැතුම් ඉටු වී, ශ්‍රී ලංකාව සමෘද්ධිමත් ජාතියක් ලෙස දියුණු වන යහපත් අනාගතයක ආරම්භය ලෙස මෙම දීප­ාවලි උත්සවය උදා වේවායි අගමැති මහින්ද රාජපක්ෂ මහතා සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    රට ගොඩනඟන ‘සෞභාග්‍යයේ දැක්ම’ යන රජයේ ජාතික ප්‍රතිපත්තියට අනුකූලව බාධක රැසක් ජය ගනිමින් අප ප්‍රබුද්ධ සංවර්ධන මාවතක් උදෙසා ගමන් කරමින් සිටින හෙයින් අපේ ජාතිය සෑම ක්ෂේත්‍රයකම ප්‍රගතිය දැකීම අප කාගේත් අපේක්ෂාව බව එම නිවේදනයෙන් පෙන්වා දී තිබේ.

    එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

    අද ලෝකයටම තර් ජනක් වී ඇති කොවිඩ් 19 වසංගතයෙන් ශ්‍රී ලාංකික ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා අපි ප්‍රගතිශීලී සහ පලදායී ක්‍රියාකාරකම් රැසක් සිදු කරමින් සිටිමු.

    අඳුරු මාවතක ආලෝකය ඇත්නම්, එය අප යන මාවතට සහාය වනු ඇත. දීපවාලි යනු එවැනි අධ්‍යාත්මික ප්‍රඥාවේ ආලෝකය නමස්කාරය තුළින් ලබා ගන්නා සුවිශේෂී දිනයකි. දීපවාලි උත්සවය ඉතා භක්තියෙන් සමරන සියලු හින්දු බැතිමතුන් වෙනුවෙන් මාගේ සුභාශිංසන එක්කරන්නේ ඉමහත් සතුටුනි.

    ජාතික සමඟිය සැමරීමට මෙය විශිෂ්ට දිනයකි. පහන් වන්දනාව සෑම ආගමකටම පොදු වේ. අප තුළ ඇති අවිද්‍යාව නමැති අඳුර දුරු වී, අභ්‍යන්තර ආලෝකය බැබළිමයි එම පහන් පූජාවේ අරමුණයි. මෙම සුවිශේෂි දිනයේ දල්වන ආලෝකය ප්‍රජාවන් අතර වඩා හොඳ අවබෝධයක් සඳහා සංඥාවක් ලෙස සැලකිය යුතුය. මෙතරම් කාලයක් අපේ ජනතාව භේද භින්න කළ සියලු වෙනස්කම් මකා දමන මොහොතක් ලෙස දීප­ාවලි උත්සවය සමරමු.

    ශ්‍රී ලාංකික සියලු හින්දු බැතිමතුන්ට ප්‍රීතිමත් දීපාවලි දිනයක් වේවා!

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya