පෙබරවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ජාවාරම්කරුවන්ට රිසි ලෙස භාණ්ඩ අලෙවි කිරීමට නොහැකියි- සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම සතොස අලෙවි සැල් තුනක් - වෙළඳ අමාත්‍ය

    නොවැම්බර් 04, 2021

    ලෝකය පුරා නිෂ්පාදන ආර්ථිකය කොවිඩ් වසංගතය හේතුවෙන් ශීඝ්‍ර ලෙස කඩා වැඩීමකට ලක්වී තිබෙන බවත් ජාවාරම්කරුවන්ට රිසි ලෙස භාණ්ඩ අලෙවි කිරීමට නොහැකි බවත් ඉදිරියේ දී සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම සතොස අලෙවි සැල් තුනක් ආරම්භ කිරීමට පියවර ගන්නා බවත් වෙළඳ අමාත්‍ය වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවට සහභාගී (03) වෙමිනි.

    ශ්‍රී ලංකාව ලෝක තත්වය තුළ මිල තීරණය කරන්නෙක් නොව මිල ලබන්නෙක් බවත් මිල තීරණය කරන රටවල් ඛණිජ තෙල් ,ගෑස් , යකඩ වානේ, මෙන්ම අනෙතුත් භාණ්ඩ සහ අතරමැදි භාණ්ඩවල මිල ඉහළ දැමීමට තීරණය කළ විට, භාණ්ඩ එම ඉහළ දමන ලද මිලට ලබා ගැනීම මිස ඒ මිල කෙරෙහි කේවල් කිරීමට හෝ බලපෑම් කිරීමට නොහැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.එබැවින් ලංකාවට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පවතින මිල ගණන් යටතේ භාණ්ඩ ආනයනය කිරීමට සිදුවන බවත් හෙතෙමෙ කියා සිටී.

    චීනය මේ වන විට විශාල බලශක්ති අර්බුදයකට මුහුණ දී ඇති බවත් ඒ හේතුවෙන් ඔවුන්ගේ භාණ්ඩ නිෂ්පාදන පහළ ගොස් ඇති බවත් ශ්‍රී ලංකාව භාණ්ඩ රැසක් චීනයෙන් ආනයනය කෙරෙන බවත් ලංකාවේ සුළු , මධ්‍යම සහ විශාල පරිමාණ කර්මාන්තශාලා සඳහා යෙදෙවුම් ආනයනය කරන්නේද චීනයෙන් වන නිසාත් මේ වන විට චීනය ලෝකයටම භාණ්ඩ ලබා දිමේ අඩුවක් පවතින නිසා ලෝකයේම භාණ්ඩ හිඟයක් ඇති වී ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට පත්වීමෙන් අනතුරුව රට තුළ නිපදවිය හැකි කිසිඳු භාණ්ඩයක් ආනයනය නොකිරීමට ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත් බවත් අදීන ආර්ථීකයක් ඇති කිරීමට එමගින් හැකි බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    2014 වර්ෂයේදී සහල් මෙට්‍රික්ටොන් හයලක්ෂයකට අධික ප්‍රමාණයක් ආනයනය කර ඇති බවත් ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 282ක් වැය කර ඇති බවත් 2015 වර්ෂයේදී සහල් මෙට්‍රික්ටොන් 286ක් ආනයනය කර ඇති අතර ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 135ක් වැය කර ඇති බවත් 2017 වර්ෂයේදී හාල් මෙට්‍රික්ටොන් හත්ලක්ෂ හතලිස් පන්දහසක් ආනයනය කර ඇති බවත් ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 301ක් ඒ සඳහා වැය කර ඇති බවත් ඒ අනුව සහල් ආනයනය සඳහා පමණක්රුපියල් කෝටි 5000කට අධික ප්‍රමාණයක් වියදම් කර ඇති බවත් පෙන්වා දුන්නේය.

    නමුත් විශාල ලෙස සහල් ආනයනය අඩුකිරීම හේතුවෙන් 2020 වර්ෂයේදී සහල් ආනයනය සඳහා වැය වී ඇතිතේ ඇමරිකානු ඩොලර් මිලියන 11ක් බව අමාත්‍යවරයා පැවසීය.දිගින් දිගටම සහල් ආනයනය කිරීම සීමා කිරීම හේතුවෙන් ලංකාව තුළ සහල් මිල පාලනය කිරීමට දරන ලද උත්සහයන් කඩා වැටී පාරිභෝගිකයාට අධික මිලක් ගෙවීමට සිදුවීම හේතුවෙන් කැබිනට් මණ්ඩලය සහල් ආනයනය කිරීමට තීන්දුවක් ලබා දුන් බව පවසන අමාත්‍යවරයා, ඒ අනුව පළමු ආනයනික නාඩු සහල් තොගය මේ වන විට ලංකාව පුරා සතොස වෙළඳ සැල්වලට බෙදා හැර ඇති බවත් එක් පාරිභෝගිකයකුට රුපියල් 99ක් බැගින් කිලෝ ග්‍රෑම් 5ක් ලබා ගැනීමට හැකි බවත් අමාත්‍යවරයා කියා සිටියේය.ඉදිරියේ ලැබෙන සහල් තොග සමග අනෙකුත් සමුපකාර සහ සුපිරි වෙළඳසැල්වලට මෙම සහල් බෙදා දීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

     

    මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා , පුද්ගලික අංශයේ ව්‍යාපාරිකයන්ටද දෙසැම්බර් 31 දක්වා සහල් ආනයනය කිරීමට අවසර ලබා දීමට තීරණය කර ඇති බව අමාත්‍යවරයා කියා සිටියේය.මෙමගින් ඉදිරි සතිය දෙක තුළ වෙළඳපොළේ සහල් මිල පාරිභෝගිකයාට දැරිය හැකි මට්ටමකට රුපියල් සියයට වඩා පහළ මට්ටමකට පැමිණෙනු ඇතැයි අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.
    වෙළඳ අමාත්‍යංශය , ඉන්දීය මහකොමසාරිස්තුමා ,පකිස්ථානු තානාපතිතුමා සහ බුරුමයේ තානාපතිතුමා සමග සාකච්ඡා කාරමින් ආරක්ෂිත තොගය සඳහා අනෙකුත් වර්ගවල සහල්ද රජය මැදිහත්වීමෙන් ගෙන්වා සතොස කිව් ෂොප් , සමුපකාර හරහා සහන මිලට ලබා දීමට බලාපොරොත්තු වන බවද හෙතෙම පැවසීය.ලංකාවේ නිෂ්පාදනය කොරෙන කැකුළු සහල් රුපියල් 98කටත් සුදු සීනි රුපියල් 122ක මිලට එක් පාරිභෝගිකයකුට කිලෝ ග්‍රෑම් දෙකක් සහ රතු සීනි රුපියල් 125 බැගින් කිලෝ තුනක් ද ලබා ගැනීමට හැකිවන අතර පරිප්පු ‍කිලේාග්‍රෑමයක් රුපියල් 40කටත් පාන් පිටි කිලෝවක් රුපියල් 98 කටත් දේශීය මුංඇට කිලෝග්‍රෑමයක් රුපියල් 498කටද සතොස මගින් ලබා ගත හැකි වේ.කහ ආනයනය තහනම් කිරීමෙන් පසුව ග්‍රෑම් සියයක කහ පැකට්ටුවක් රුපියල් 200කට සතොස මගින් මිලදී ගැනීමට හැකි බවද අමාත්‍යවරයා පැවසීය.තවද උසස් තත්වයේ තේ කොළ පැකට්ටුවක් රුපියල් 95කටද ලබා දීමට පියවර ගෙන ඇති බව හෙකෙමෙ කියා සිටී.
    සතොස ලාභය පරමාර්ථය කර නොගත් සියයට සියයක් රාජ්‍ය අංශය පාලනය කෙරෙන ආයතනයක් බව පෙන්වා දෙන අමාත්‍යවරයා සහල් අලෙවියෙන් පමණක් සතොසට සිදු වූ අලාභය රුපියල් මිලියන 67ක් බවත් පෙන්වා දුන්නේය.ජාවාරම්කරුවන්ට රිසි ලෙස භාණ්ඩ අලෙවි කිරීමට නොහැකි බව පවසන අමාත්‍යවරයා මිල අඩු කරන ලද භාණ්ඩ ඇතුළුව තවත් භාණ්ඩ වර්ග පහක්වත් අවම වශයෙන් හෙට සිට මිලදී ගත යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළේය.ඉදිරියේදී සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම සතොස අලෙවි සැල් තුන බැගින් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා පැවසීය.සෑම භාණ්ඩයක්ම වෙළඳපො‍ළේ පවතින මිලට වඩා අඩු මුදලකට සතෙස ශාඛාවලින් මිලදී ගැනීමට හැකි බව හෙතෙම කියා සිටී.

    --

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya