පෙබරවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    නැනෝ නයිට්‍රජන් දියර පොහොර තවත් තොගයක් දිවයිනට

    නොවැම්බර් 05, 2021

    මෙවර මහ කන්නය සඳහා ගොවීන්ට නොමිළේ ලබා දීම සඳහා තවත් නැනෝ නයිට්‍රජන් දියර ලීටර් 144,600 ක් (4) අළුයම ඉන්දියාවේ අහමදාබාත් සිට කටුනායක ගුවන්තොටුපලට රැගෙන එනු ලැබීය. ඉන්දීය ගුවන් හමුදාවට අයත් C17 වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා දෙකක් වන CB 8008 හා 8009 න් මෙම දියර පොහොර තොගය රැගෙන එනු ලැබීය.

    කටුනායක ගුවන්තොටුපොලේ දී කොමර්ෂල් පොහොර සමාගම මෙම පොහොර තොගය බාර ගත් අතර ඒවා දිවයින පුරා ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන 562 හරහා ගොවීන්ට ලබා දිමට කටයුතු සැලසුම් කර තිබේ.

     

    නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලිටර් ලක්ෂ 31 ක් මෙරටට ආනයනය කිරිමට නියමිතය. මේ අනුව ඉතිරි නයිට්‍රජන් දියර පොහොර තොගයද මේ සති දෙක ඇතුලත මෙරටට ගෙන්වා ගැනීමට ඉන්දියාවේ ශ්‍රි ලංකා මහ කොමසාරිස් කාර්යාලය සමඟ කටයුතු කරමින් සිටින බවත් ගොවීන්ට අවශ්‍ය පොහොර කඩිනමින් ප්‍රාදේශීය ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන හරහා බෙදා දීමට නිලධාරින්ට උපදෙස් දී ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සදහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya