පෙබරවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    නාගලගම් වීදිය ජල පොම්පාගාරය ජනපතිගේ හා ලෝක බැංකු නියෝජිතයන්ගේ නිරීක්ෂණයට  

    නොවැම්බර් 06, 2021

    කොළඹ නාගලගම් වීදිය ජල පොම්පාගාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ ලෝක බැංකු නියෝජිතයන්ගේ නිරීක්ෂණයට ලක් කෙරිණ.

    ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක හා නාගරික සංවර්ධන ලේකම්වරයා ලෙස 2012 වසරේදී කොළඹ අගනගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය සැලසුම් කරනු ලැබීය. ඊට උප
    ව්‍යාපෘති 55ක් ඇතුළත් වන අතර නාගලම් වීදිය ජල පොම්පාගාරය එක් උප ව්‍යාපෘතියකි.

    කොළඹ නගරය වැසි ජලයෙන් යටවීම වැළැක්වීම, වියළි කාලයේ දී ඇළ මාර්ගවල ජලය අඩු වීම නිසා සිදුවන අපවිත්‍රතා මඟහැරවීම මෙම උප ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු වේ. තත්පරයකට
    ජලය ඝණ මීටර් 30ක් කැලණි ගඟට මුදා හැරිය හැකි පොම්ප පහක් සහ තත්පරයකට ජලය ඝණ මීටර් 12ක් කැලණි ගඟෙන් ඇළ මාර්ගවලට රැගෙන ආ හැකි පොම්ප දෙකක් මෙහි සවිකර
    තිබේ. ස්වයංක්‍රීය දොරටු දෙකකින් සහ පාලක පද්ධතියක් ද මීට ඇතුළත්ය.

    සමස්ත ව්‍යාපෘතියට ඇමරිකානු ඩොලර් මිලියන 321ක් වැය කෙරෙන අතර ලෝක බැංකුව ඩොලර් මිලියන 213ක සහනදායී ණයක් ඊට සපයා තිබේ. ශ්‍රී ලංකා රජය ඊට ලබා දී ඇති මුදල
    ඇමරිකානු ඩොලර් මිලියන 108කි.

    සමස්ත ඉදිකිරීම් ඉදිරි මාස කිහිපය තුළ නිම කළ හැකි බව ව්‍යාපෘතියේ අධ්‍යක්ෂිකා ඒ.එච්. තුෂාරි මහත්මිය ජනාධිපතිතුමා ඇතුළු පිරිසට ප්‍රගතිය සමාලෝචනය කරමින් සඳහන් කළාය.

    මීට සමගාමීව තෝරාගත් ප්‍රදේශ කිහිපයක මාර්ග කිලෝමීටර් 47ක් සංවර්ධනය කෙරේ. විහාරමහා දේවී, කාක දූපත වෙරළ සහ බැද්දගාන තෙත් බිම් යන උද්‍යාන වැඩිදියුණු කිරීම ද මෙම
    ව්‍යාපෘතියට ඇතුළත් ය.

    ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති හාර්ට්විග් ෂෙෆර් (Hartwig Schafer) ඇතුළු නියෝජිතයෝ, රාජ්‍ය අමාත්‍යවරුන් වන නාලක ගොඩහේවා සහ මොහාන් පී. ද සිල්වා‍ යන
    මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya