පෙබරවාරි 11, 2025
tami eng youtube  twitter facebook

      කෘෂිකාර්මික ප්‍රතිපත්තිය යතාර්ථයක් බවට පත් කිරීමට රාජ්‍ය නිලධාරීන්ගේ පූර්ණ දායකත්වය ලබාදීම යුතුකමක්

    නොවැම්බර් 06, 2021

    කෘෂිකාර්මික ප්‍රතිපත්තිය යතාර්ථයක් බවට පත් කිරීමට රාජ්‍ය නිලධාරීන්ගේ පූර්ණ දායකත්වය ලබාදීම යුතුකමක් ....

    පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ

    ජනතාවගේ සහ මහ පොළොවේ සෞඛ්‍ය සහතික කර නිරෝගීමත් රටක් ගොඩනැගීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ක්‍රියාවට නංවා ඇති කෘෂිකාර්මික ජාතික ප්‍රතිපත්තිය යතාර්ථයක් බවට පත් කිරීමට රාජ්‍ය නිලධාරීන්ගේ පූර්ණ දායකත්වය ලබාදීම යුතුකමක් බව පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ ප්‍රකාශ කරති.

    කාබනික පොහොර භාවිතා කර කෘෂිකර්මාන්තයේ නියැලෙන ගොවීන්ට පවතින ගැටලු සහ යෝජනා පිළිබඳ අනුරාධපුර, කුලියාපිටිය පදවිය ඇතුළු ප්‍රදේශ කිහිපයක ගොවීන් සහ කාබනික පොහොර නිෂ්පාදකයන් හමුවීමට ගිය අවස්ථාවේදී ඔවුන් කළ යෝජනා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා හමුවී පසුගියදා කළ සාකච්ඡාවක දී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.

    තවදුරටත් අමාත්‍යවරයා හමුවේ උන්වහන්සේ මෙසේ ද පැවසූහ.

    ජනාධිපතිවරයා ගෙනයන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා ආණ්ඩුව නියෝජනය කරන මහජන නියෝජිතයන්ගෙන් සැදුම්ලත් විධිමත් කමිටුවක අවශ්‍යතාව උන්වහන්සේ අමාත්‍යවරයාට පෙන්වා දෙන ලදී.

    ඒ සඳහා ප්‍රාදේශීය පළාත් සහ ජාතික මට්ටමේ දේශපාලන යාන්ත්‍රණයක අවශ්‍යතාව මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට සාධනීය පිටුවහලක් වන බව උන්වහන්සේ පෙන්වා දී ඇත.

    අමාත්‍යාංශය මගින් ගොවියා දැනුවත් කිරීමට ගෙනයන වැඩපිළිවෙළ තවමත් විධිමත් ලෙස නිලධාරීන්ගේ අතින් ගොවීන්ට සිදු නොවන බව ගොවීහු පෙන්වා දී ඇති අතර, කාබනික පොහොර භාවිතයේ භයානක ප්‍රතිඵල මෙන්ම කාබනික පොහොර භාවිතය පිළිබඳව ද ගොවියා පියවරෙන් පියවර දැනුවත් කිරීමේ අවශ්‍යතාව ඉටු විය යුතු බව උන්වහන්සේ පෙන්වා දෙති.

    රජය ගෙනයන කාබනික පොහොර භාවිත ගොවිතැන අසාර්ථක කිරීම සඳහා විපක්ෂයේ කණ්ඩායම් කුමන්ත්‍රණකාරී ලෙස ශක්තිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත්, එවැනි පසුබිමක ආණ්ඩුව නියෝජනය කරන මහජන නියෝජිතයින් නිහඬව සිටීම ඊට සහාය දැක්වීමක් බවද ගොවීහු පෙන්වා දුන් බව ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ ප්‍රකාශ කරති.

    කාබනික පොහොර යොදා ගනිමින් සිදු කරන වී අස්වැන්න රජය විසින් ඉහළ මිලකට ගන්නා බවත්, එම පොහොරම භාවිතයෙන් වගාකෙරෙන දේශීය වී තොග වඩාත් ප්‍රසස්ත මිලකට ගන්නා බවද අමාත්‍යවරයා විසින් පැවසූ බවද උන්වහන්සේ ප්‍රකාශ කරති.

    මෙම අවස්ථාවට පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක, මාගල්කන්දේ සුදන්ත, ඉහළගම සීලානන්ද, කොටවායේ විමලවංස යන හිමිවරු ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya