එහි දී නියෝජ්‍ය අමාත්‍ය කලීඩ් බින් ෆයිසල් අල් සිහ්ලි මහතා නම්කළ තානාපතිවරයාව උණුසුම් ලෙස පිළිගනිමින් සහ නව පත්වීම සම්බන්ධයෙන් සුබපැතුම් එක් කරමින්, තානාපති අම්සා මහතාගේ ධුර කාලය තුළ දෙරට අතර සබඳතා තවදුරටත් වර්ධනය වනු ඇතැයි සෞදි අරාබිය අපේක්ෂා කරන බව ප්‍රකාශ කළේ ය.
ඊට ප්‍රතිචාර වශයෙන් තානාපති අම්සා මහතා විසින්, තමා පිළිගැනීම සහ සුවිශේෂී කොට සැලකීම වෙනුවෙන් සෞදි අරාබි රාජ්‍යයේ රජය වෙත සිය කෘතඥතාව පළ කරනු ලැබී ය. දෙරට අතර දේශපාලනික සහ ආර්ථික ක්‍ෂේත්‍රවල සහයෝගිතාව ඉහළ නැංවීමට තමන් කටයුතු කරන බව ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය. සවුදි අරාබි රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ සුබසාධනය සඳහා ද තම ප්‍රමුඛතාවය ලබාදෙන බව සඳහන් කළේ ය.
අක්තපත්‍ර විවෘත පිටපත භාරදීමේදී නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාව අතිශය සුහදශිලී විය. මෙම අවස්ථාවට තානාපතිවරයා සමඟ චාන්සරි ප්‍රධානී දුල්මිත් වරුණ මහතා ද එක් විය.