විශේෂයෙන් කොවිඩ් වසංගතයේදී ලෝක බැංකුව ඇතුළු අනෙකුත් ජාත්‍යනතර සංවිධාන ලබාදුන් සහයෝගය ඉතා වැදගත් බවද එය මෙරට කොවිඩ් පාලගනයට ඉහළ ශක්තියක් වූ බවද අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.
ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය නිලධාරීන් පිරිසක් සෞඛ්‍ය
අමාත්‍යාංශයේදී (04) හමු වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව කීය.
මෙම අවස්ථාවට ලෝක බැංකුවේ ක්‍රියාකාරී කළමණාකරු ට්‍රීනා හේක් (Trina Haque) ,මානව සංවර්ධන අංශයේ ප්‍රධානී රේන් ලියෝන් සොලානෝ (Rene Leon Solano) සහ ලෝක බැංකු මෙරට කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය උපදේශිකා දීපිකා ආටිගල යන මහත්ම මහත්මීන් පිරිසක් සහභාගී වූහ.
ප්‍රාථමික සෞඛ්‍ය සේවාව බලාත්මක කිරීම සඳහා ලෝක බැංකු ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක වැඩසටහන්හි ප්‍රගතිය හා එහි ඉදිරි කටයුතු පිළිබදව අමාත්‍යවරයා හා නිලධාරීන් මෙහිදී සාකච්ඡා කළහ. මේ යටතේ ග්‍රාමීය රෝහල්හි රසායනාගාර පරීක්ෂණ සේවාවන්,බෝ නොවන රෝග වළක්වා ගැනීමේ වැඩසටහන්,අත්‍යවශ්‍ය ඖෂධ ලබාදීම සම්බන්ධයෙන් වන වැඩසටහන් ආදිය ක්‍රියාත්මක වේ.
එමෙන්ම මෙරට ළමා හා මාතෘ පෝෂණය පිළිබඳව ද අවධානය යොමු කිරීම පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වන සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීමටද දායකත්වය ලබාදෙන ලෙස අදාළ නිලධාරීන්ගෙන් අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.
විශේෂයෙන් මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය ඉහළ මට්ටමකින් පවතින බවත් ඒ සඳහා තවදුරටත් අවශ්‍ය වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කරන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා කීය. වත්මන් කොවිඩ් ව්‍යසනයේදී ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ සාර්ථකත්වය වඩාත් ඉවහල් වුණු බවත් එය අන් කවරදාටත් වඩා බොහෝ සෙයින් දැනුණු බවත් හෙතෙම කීය.