පෙබරවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ලොව ඉහළම සෞඛ්‍ය පද්ධතියක් පවතින ජර්මනියේ ආයෝජකයන් මෙරට ආයෝජනයට සූදානම්

    නොවැම්බර් 07, 2021

    ලොව ඉහළම නවීන සෞඛ්‍ය තාක්ෂණික පද්ධතියක් පවතින ජර්මනියේ ආයෝජකයන් මෙරට ඖෂධ නිෂ්පාදනය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආයෝජන සඳහා දැඩි උනන්දුවක් දක්වන බව ජර්මානු තානාපති Holger Seubert මහතා කීය.

    විශේෂයෙන් මේ වන විටත් එවැනි ආයෝජකයන් මෙරට ආයෝජන සඳහා ක්‍රියාත්මකව ඇති බවත් තවදුරටත් පුළුල් වශයෙන් එය කෙරෙන්නේ නම් අතිශය වැදගත් වනු ඇති බවත් තානාපතිවරයා කීය. ජර්මානු තානාපතිවරයා, සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා හමු වූ අවස්ථාවේදී මේ බව කීය. මෙම හමුව සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සිදු වූ අතර මේ මොහොතේදී අමාත්‍යවරයා ප්‍රමුඛ සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙනයන වැඩපිළිවෙලට ජර්මානු තානාපතිවරයා ප්‍රසාදය පළ කර සිටියේය.

    ඖෂධ නිෂ්පාදනය ඇතුළු ක්ෂේත්‍ර සඳහා දක්ෂ ආයෝජකයන් සිටින බවත් ඔවුන්ගේ ආයෝජන ඉහළ මට්ටමකින් පවතින බවත් එනිසා ඒ පිළිබඳව ශ්‍රී ලංකාවේ අවධානය යොමු වීම වැදගත් වන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

    2023 වසරට ශ්‍රී ලංකාව හා ජර්මනිය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සඳහා වසර 70 ක් සපිරෙන බවද ඒ සඳහා විශේෂයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය පදනම් කරගනිමින් පුළුල් වැඩසටහන් මාලාවක් ක්‍රියාවට නැංවීම කාලෝචිත බවත් ඒ මහතා පැවසීය.

    ජර්මනියේ හිටපු චාන්සල්වරයෙකු වන “හෙල්මට් කෝල්” මහතා නමින් මාතර ඉදි කෙරෙන මාතෘ රෝහලේ වැඩ කටයුතු කඩිනමින් අවසන් කිරීමට හැකි වනු ඇතැයිද එමෙන්ම යාපනය ශික්ෂණ රෝහලේ අස්ථි රෝග සඳහා වන ඒකකයේ පුහුණුවට ජර්මානු පුහුණු ශිල්පීන් යෙදවීමට සූදානම් යැයිද තානාපතිවරයා මෙහිදී කීය.

    විශේෂයෙන් මේ වන විට කෙරවලපිටියේ ඉදි කිරීමට යෝජිත ඔක්සිජන් නිෂ්පාදනාගාරයේ වැඩකටයුතු කඩිනමින් ආරම්භ කිරීමට හැකිවනු ඇතැයිද හෙතෙම පෙන්වා දුන්නේය.

    බූස්ටර් එන්නත ශ්‍රී ලංකාව තුළ ලබාදීම ඉතා වැදගත් කාලෝචිත පියවරක් බවත් විශේෂයෙන් එය සංචාරක ක්ෂේත්‍රයයේ පිරිස් සඳහා ලබා දීමට සැලැසුම් කිරීම අතිශය වැදගත් වනු ඇති බවත් ජර්මානු තානාපති Holger Seubert මහතා කීය.

    මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා,

    බූස්ටර් එන්නත ලබා දීමට පියවර ගැනීම තුළින් වඩාත් සාධනීය ප්‍රතිඵලයක් ගෙන දෙන බවත් විශේෂයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය ඇතුළු ඉදිරි පෙළ ක්‍රියාකාරීන් සඳහා එම එනනත ලබාදීමෙන් අනතුරුව සංචාරක ක්ෂේත්‍රයේ පිරිස් ඉලක්ක කර ගනිමින් බූස්ටර් එන්නත ලබා දීමෙන් සංචාරක ක්ෂේත්‍රයට මෙන්ම රටේ ආර්ථිකයට වඩාත් පිටුවහලක් වනු ඇතැයිද කීය.

    ශ්‍රී ලංකාවේ ගෘහස්ථ කොවිඩ් ප්‍රතිකාර ක්‍රමය වඩා සාර්ථක වූවා පමණක් නොව එයට ජාත්‍යන්තර ප්‍රසාදය පවා හිමිව ඇතැයිද එය ලෝකයටම ආදර්ශයක් ලෙස ගෙනයාමට ශ්‍රී ලංකාව සමත්ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පෙන්වා දී තිබෙන බව අමාත්‍යවරයා ජර්මානු තානාපතිවරයා හමුවේ අමාත්‍යවරයා කීය.

    විශේෂයෙන් දෙස් විදෙස් ආයෝජකයන්ට රට තුළ ආයෝජනය කිරීමට අවස්ථාව ලැබී ඇතැයිද ඉදිරි වසර කිහිපය තුළ රටට අවශ්‍ය ඖෂධ වලින් විශාල ප්‍රමාණයක් රට තුළම නිෂ්පාදනය කිරීමට සැලැසුම් කර තිබෙන බවද රඹුක්වැල්ල මහතා මෙහිදී කීය.

    මෙම අවස්ථාව සඳහා ජර්මානු වාණිජ මණ්ඩලය නියෝජනය කරමින් ජර්මන් වාණිජ මණ්ඩල ප්‍රධානී Andreas Hergenroether , එම තානාපති කාර්යාලයේ ආයතනික කටයුතු ප්‍රධානී මලින්ත ගජනායක යන මහත්වරුද සහභාගි වූහ.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya