පෙබරවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    තංගල්ල කදුරුපොකුණ ජයසුන්දර පුරාණ විහාරයේ අභිනව චෛත්‍ය කොත නිරාවරණය කරයි

    නොවැම්බර් 07, 2021

    තංගල්ල කදුරුපොකුණ ජයසුන්දර පුරාණ විහාරයේ අභිනව චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් (06) පස්වරුවේ පැවැත්විණි.

    ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ රෝහණ පාර්ශවයේ කාරක සංඝ සභික ජයසුන්දර පුරාණ විහාරයේ විහාරාධිපති විතාරන්දෙණියේ ඥානරතන හිමියෝ අභිනව චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කළහ.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා චෛත්‍යරාජයාණන් වහන්සේට ප්‍රථම මල් පූජාව පැත්වූයේය.

    මෙම අවස්ථාවට ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ රෝහණ පාර්ශවයේ අනුනායක පූජ්‍ය ඕමාරේ කස්සප අනු නාහිමියන්, ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ රෝහණ පාර්ශවයේ කාරක සංඝ සභික ජයසුන්දර පුරාණ විහාරාධිපති විතාරන්දෙණියේ ඥානරතන හිමි ඇතුළු ගරුතර මහා සංඝරත්නය, දකුණු පළාත් සභාවේ සභාපති සෝමවංශ කෝදාගොඩ මහතා ඇතුළු බැතිමත්හු පිරිසක් එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya