පෙබරවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    උත්තම මාතා ගුණ සමරු පූජා -2021 අගමැති ප්‍රධානත්වයෙන්

    නොවැම්බර් 07, 2021

    රාජපක්ෂ පවුලේ උතුම් මැණියන් ලෙස ගෞරවයට පාත්‍රවන ඩී.ඒ රාජපක්ෂ මැතිතුමාගේ ආදරණීය බිරිඳ දෝන දන්දිනා සමරසිංහ දිසානායක මැතිනිය සිහිපත් කරන “උත්තම මාතා ගුණ සමරු පූජා-2021” ඇඹිලිපිටිය ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කේන්ද්‍රයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

    ඇඹිලිපිටිය නගර සභාවේ නාගරික මන්ත්‍රී කේ. රුවන් පතිරණ මහතා විසින් පස්වැනි වරටත් සංවිධානය කර තිබූ මෙම උත්තම මාතා ගුණ සමරු පූජා උත්සවයේ මුලසුනට දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ඕමල්පේ සෝභිත හිමියෝ වැඩම කර සිටියහ.

    අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය මෙහි දී දෝන දන්දිනා සමරසිංහ දිසානායක මෑණියන්ගේ ඡායාරූපයට පළමුව මල් මාලාවක් පැළඳුවාය. අනතුරුව ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ද මල් මාලාවක් පළඳවමින් දෝන දන්දිනා සමරසිංහ දිසානායක මැතිනියගේ ගුණ සිහි කළාය.

    අමාත්‍ය චමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍යවරුන්වන ලොහාන් රත්වත්තේ සහ ජානක වක්කුඹුර මහත්වරු ද මෙහි දී දෝන දන්දිනා සමරසිංහ දිසානායක මැතිනියගේ ඡායාරූපයට පුෂ්පෝපහාර දැක්වූහ.

    දන්දිනා දිසානායක මැතිනියගේ දරුවන්ගෙන් අපට එතුමිය කුමන ආකාරයේ චරිතයක් ද යන්න තේරුම් ගත හැකි යැයි ගුණ සමරු දෙසුම ආරම්භයේ දී ම රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා පෙන්වා දුන්නේය.

    “දන්දිනා සමරසිංහ දිසානායක මැතිනිය ගැන මම පෞද්ගලිකව දන්නෙ නැහැ. නමුත් එතුමියගේ දරුවන්ගේ දේශපාලන භුමිකාව ගැන මට යමක් විශ්වාසයෙන් යුතුව පැවසිය හැකියි. අපි ගහක කොළයෙන් ගස අඳුනගන්නවා. දන්දිනා දිසානායක මැතිනියගේ දරුවන්ගෙන් අපට එතුමිය කුමන ආකාරයේ චරිතයක් ද යන්න තේරුම් ගත හැකියි. ඕනෑම මනුස්සයකුගේ පළමු පාසල නැතිනම් පළමු ගුරුවරයා ඔහුගේ හෝ ඇයගේ මවයි.

    දන්දිනා සමරසිංහ දිසානායක මැතිණිය දුර්ලභ සුවිශේෂි කාන්තා චරිතයක් ලෙස අපට නිගමනය කරන්න පුළුවන්. එතුමියගේ සැමියා ඩී.ඒ රාජපක්ෂ මැතිතුමා අපේ රටේ නිදහසින් පසු දේශපාලන සමාජ පෙරළියක් විප්ලවයක් සටහන් කළ 1956 යුග පරිවර්තනයට දායක වූ නියමුවෙක්.

    මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන්, දෙවරක් ජනාධිපති ධුරයෙන් පිදුම් ලැබූ වත්මන් අග්‍රාමාත්‍යතුමා මෙන්ම වත්මන් ජනාධිපතිතුමාගේ මව ලෙස ඇය ඉතිහාසයට එක්වෙනවා. එතුමිය අපේ රටට දායාද කළ දරුවන් අපේ රටේ ස්වාධීනත්වයට, සමාජ සාමයට, ස්ථාවරත්වයට කළ මෙහෙවර විශිෂ්ටයි.

    2015 සිදුවුණ වරද යළි සිදු වුවහොත් මේ රට යටත් විජිතයක් වීම වළක්වන්න බැහැ. එතුමිය රටට දායද කළ දරුවන්ට කළ හැකි ලොකුම උපකාරය මේ ගමන ස්ථිරව ගමන් කිරීමට අප සහය වීම යැයි” මොහාන් සමරනායක මහතා මෙහි දී පෙන්වා දුන්නේය.

    මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ, අමාත්‍ය චමල් රාජපක්ෂ, ඇමතිනි පවිත්‍රා දේවි වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍යවරුන්වන ලොහාන් රත්වත්තේ, ජානක වක්කුඹුර, ඇඹිලිපිටිය නගර සභාවේ නාගරික මන්ත්‍රී කේ. රුවන් පතිරණ, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක, පැල්වත්ත සීනි කම්හලේ ප්‍රධාන විධායක නිලධාරී ගාමිණී රාසපුත්‍ර මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

     

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya