පෙබරවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ගර්භණී මවුවරුන් එන්නත්කරණයෙන් 95%ක ආවරණයක් ලබාගෙන - පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂ 

    නොවැම්බර් 07, 2021

    ගර්භණී මවුවරුන් එන්නත්කරණයෙන් 95%ක ආවරණයක් ලබාගෙන ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා මහත්මිය සඳහන් කළාය.

    ඇය මේ බව කියා සිටියේ, අද (05) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති කොවිඩ් පිළිබඳ මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමිනි.

    එමෙන්ම ගර්භණී මවුවරුන් රෝගය ආසාදනය වී රෝහල්ගතවීමේ අඩුවක්ද දක්නට ඇතැයි ඇය සඳහන් කළාය. කොවිඩ් රෝගය ආසාදනය වුවහොත් සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා සංකූලතා ඇතිවිය හැකි බැවින් ගර්භණී මවුවරුන් එන්නත් ලබා නොගෙන සිටින්නේ නම් එන්නත් ලබාගන්නා ලෙසද, හැකි තරම් සමාජයට නිරාවරණය නොවී නිවෙස් වලට වී සිටින ලෙසද, නිවසින් පිට යනවා නම් සෞඛ්‍යාරක්ෂිත හැසිරීම් රටා අනුගමනය කරන ලෙසද පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂවරිය ගර්භණී මවුවරුන්ගෙන් ඉල්ලා සිටියාය.

    රෝගයේ අවධානම සමාජය තුළ තවමත් පවතින බැවින් මෙය පරෙස්සම් විය යුතු කාලයක් ලෙස සිහිපත් කළ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය වැඩිදුරටත් පැවසුවේ, පාසල් දරුවන්ගේ එන්නත්කරණයද ඉතාමත් සාර්ථක ලෙස සිදුවන බවයි.

    උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග වලට පෙනීසිටීමට බලාපොරොත්තු වන සිසුන්ගේ එන්නත්කරණය අවසන් අදියරේ පවතින අතර දරුවන් සදහා හොඳ ආවරණයක් ලැබී ඇති බවද ඇය අවධාරණය කළාය.

    එමෙන්ම දරුවන් පාසල් යැවීමේදී ඔවුන් සෞඛ්‍යාරක්ෂිතව පාසල් යැවීම සහ නිසි පරිදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙස දරුවන් නිරන්තරයෙන් දැනුවත් කරන ලෙසද දෙමාපියන්ගෙන් ඉල්ලා සිටි විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා මහත්මිය සංචරණ සීමා ඉවත් කර ඇති බැවින් දරුවන් රැගෙන අනවශ්‍ය පරිදි සංචරණයේ නොයෙදෙන ලෙසද සිහිපත් කළාය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya