පෙබරවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    කිසිඳු වන විනාශයක් සිදු වී නැහැ - දිස්ත්‍රික් ලේකම්වරු අවධාරණය කරති

    නොවැම්බර් 07, 2021

    ඉකුත් දෙවර්ෂය තුළ දිස්ත්‍රික්ක 5ක වැඩිම රක්ෂිත වන විනාශයක් සිදුව ඇති බවට සමීක්ෂණ වාර්තා වලින් හෙළි වී ඇතැයි ඇතැම් මාධ්‍යවල සිදු කෙරෙන ප්‍රචාරයන් කිසිසේත් පිළිගත නොහැකි බව චෝදනාවට ලක්වී ඇති දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරු අවධාරණය කරති.

    එම වාර්තාවන්ට අනුව වැඩිම වන විනාශයක් සිදුව ඇති දිස්ත්‍රික්ක ලෙස නම් කර ඇත්තේ අනුරාධපුර, පොළොන්නරුව, වවුනියාව, මුලතිවු හා කිළිනොච්චි යන දිස්ත්‍රික්කයි. එම දිස්ත්‍රික්කවල වන විනාශයට හේතුව වශයෙන් ඔවුන් පෙන්වා දෙන්නේ අවශේෂ කැලෑ ඉඩම් පිළිබඳව දිස්ත්‍රික් ලේකම්වරුන්ට බලතල දිීමේ චක්‍රලේඛය බවයි.

    මෙම ප්‍රචාරයන් බැහැර කරමින් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා විශේෂ ප්‍රකාශයන් කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ අවශේෂ කැළෑ ඉඩම් එළි කිරීම් සම්බන්ධයෙන් තමන් වෙත වාර්තා වී නැති බවත්, අනවසර කැළෑ එළි කිරීම් සම්බන්ධයෙන් දැඩිව ක්‍රියා කරන ලෙස දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත දැනුම් දී ඇති බවත් අවධාරණය කර සීටී.

    මේ වන විට දිස්ත්‍රික්කයේ අවශේෂ කැළැ සම්බන්ධයෙන් පරිපාලනමය වගකීම පැවරී ඇත්තේ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙතයි. මෙම බලතල ප්‍රාදේශීය ලේකම්වරුන්ට හිමි වීමෙන් පසු අනුරාධපුර දිස්ත්‍රික්කයේ අවශේෂ කැළෑ විනාශ
    වී ඇතැයි කියන චෝදනාව පිළිගැනීමට කිසිදු සාක්ෂියක් නැත. වනාන්තර විනාශ කිරීම් පිළිබඳව නිසි පරිදි සොයාබලා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හා එවන් ක්‍රියා වැළැක්වීමට තම කැප කිරීම උපරිම වශයෙන් සිදු කරන බව දිස්ත්‍රික් ලේකම්වරයා තවදුරටත් සඳහන් කරයි.

    මේ සම්බන්ධයෙන් පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්.ඒ. ධර්මසිරි මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ රක්ෂිත වනාන්තර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව , වනජීවී දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන භාරයේ තවමත්
    පවතින බවත් අවශේෂ වනාන්තර පමණක් චක්‍රලේඛයකින් ප්‍රාදේශීය ලේකම්වරුන් භාරයේ තැබීමට බලය හිමි වූ බවත්ය. ඒ අනුව ප්‍රාදේශීය ලේකම්වරුන් භාරයේ පවතින අවශේෂ වනාන්තර විනාශ වීමක් පිළිබඳව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මෙතෙක් සිදු වී නැති බවත්, එවැනි දැනුම් දීමක් තමන් වෙත මේ වන විටත් ලැබී නැති බවත් අවධාරණය කර සීටී.

    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවතින සියලුම වනාන්තර ආරක්ෂා කිරීම උදෙසා තමන් විසින් ඊට අයත් ආයතනවන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව සහ යුද හමුදාව හා සිවිල් ආරක්ෂක දොපර්තමේන්තුව කැඳවා වනාන්තර විනාශවීමක් සිදු වෙනවා දැයි සොයා බලන ලෙස දැනුම් දුන් බවත් එවැනි වන විනාශයක් මෙතෙක් සිදු ව නැති බවත් ඇතැම් මාධ්‍ය වලින් සිදු කෙරෙන ප්‍රචාරයන් පිළිගත නොහැකි බවත් පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරයා තව දුරටත් ප්‍රකාශ කළේය.

     

    මොහාන් සමරනායක
    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya