පෙබරවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    සියලු පාසල්වල 10-11-12-13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ඇරැඹේ

    නොවැම්බර් 08, 2021

    රට පුරා සියලුම පාසල්වල 10, 11, 12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අද( 08 වැනිදා) සිට ආරම්භ ආරම්භ කෙරේ.

    සෞඛ්‍ය නිර්දේශය ලද වහාම 6 සිට 9 දක්වා ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ද ආරම්භ කිරීමට ද අධ්‍යාපන අමාත්‍යංශ්‍ය සැලසුම් කරගෙන යයි.

    රට පුරා සියලු පාසල්වල අ.පො.ස. උසස් පෙළ හා අ.පො.ස. සාමාන්‍ය පෙළ පන්ති ආරම්භ කිරීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පියවර
    ගෙන තිබූ අතර, ඒ අනුව 10,11,12 සහ13 ශ්‍රේණි ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

    එසේම, පවතින අධ්‍යයන කාලරාමුව කළමනාකරණය කර ගනිමින් අතපසු වූ විෂය නිර්දේශ ආවරණය කිරීමටත්, විභාග පැවැත්වීමටත් මීට සමගාමීව අවශ්‍ය සැලසුම් සකස් කරන බව අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

    නියමිත අධ්‍යයන කාලරාමුවෙහි නිවැරැදිව කටයුතු කිරීමෙන් අ.පො.ස උසස් පෙළ විභාගය හා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2022 වසරේ මුල් කාර්තුවේ පැවැත්වීමේ ඉලක්කය වෙත ළඟා වීමට හැකිවනු ඇතැයි ද ඇමැතිවරයා පැවසීය.

    රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් හි ප්‍රාථමික අංශ (1 සිට 5 දක්වා ශ්‍රේණි) (ඔක්තෝබර් 25 සඳුදා ) සිට ආරම්භ කෙරිණි. පළමු අදියර යටතේ සිසුන් 200 ට අඩු පාසල් හි ප්‍රාථමික අංශ 2021 ඔක්තෝබර් 21 දින සිට ආරම්භ විය.

    ඒ අනුව දෙවන අදියර යටතේ ශිෂ්‍ය සංඛ්‍යාව 200 ට වැඩි පාසල් හි ප්‍රාථමික අංශ (1 සිට 5 දක්වා ශ්‍රේණි) ආරම්භ කිරීමට සෞඛ්‍ය නිර්දේශ ලැබී ඇත. පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීමට අවශ්‍ය උපදෙස් මේ වනවිටත් පාසල් වෙත ලබාදීමට කටයුතු කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya