පෙබරවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    සඳහිරු සෑ කොත් වහන්සේ මහා සංඝරත්නයට පූජා කිරීමට සියළු කටයුතු සූදානම් - ආරක්ෂක ලේකම්

    නොවැම්බර් 08, 2021

    නොවැම්බර් මස 18 දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අභිනවයෙන් ඉදිකල සඳහිරු සෑ කොත් වහන්සේ මහා සංඝරත්නයට පූජා කිරීමට සියළු කටයුතු සූදානම් බව ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

    ඒ මහතා මේ බව පැවසුවේ, (07) අනුරාධපුර සඳහිරු සෑ පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමු‌වටකට ඒක්වෙමිනි. මහා සංඝරත්නය සහ , මිය ගිය රණවිරු පවුල්මවල සමාජිකයන්ගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය සංවිධානය කර ඇතැයිද ඒ් මහතා පැවසිය.

    පුරා දශක තුනක් තිස්සේ පැවති කුරිරු යුද්ධය අවසන් කිරීම සඳහා ජීවිත පරිත්‍යාග කළ රණවිරුවන්ගේ උදාර සේවය අගය කරනු වස් ඉදි කළ සඳහිරු සෑ චෛත්‍ය ඉදිකර තිබේ.

    මෙහි නිධන් වස්තු තැන්පත් කිරීමේ මහෝත්සවය පසුගිය මාර්තු මාසයේ පැවැත්වුණි. සඳහිරු සෑ චූඩා මාණික්‍ය සහ කොත් වහන්සේ පිරිත් සඡ්ඡායනා මධ්‍යයේ පුරා දින 47 ක් රට පුරා බැතිමතුන්ට වැඳ පුදා ගැනීම සඳහා පෙරහැරකින් වැඩමවීමට කටයුතු යොදා තිබුණි. දිවයින පුරා ප්‍රධාන විහාරස්ථාන 25කදී ජනතාවට වැඳුම් පුදා ගැනීමට අවස්ථාව උදා විය. ඒහි චූඩා මාණික්‍යය පැළඳවීමේ මංගල නැකත අද (08)යෙදී තිබේ.

     

    රුවන්වැලි මහා සෑයට පසුව ඉදිවන විශාලම දාගැබ මෙය වන අතර මුළු ත්‍රිපිටකයම රන්පත් වල සටහන් කර දාගැබේ නිදන් කර තිබෙන අතර තවත් සර්වඥ ධාතු සහ නිදන් වස්තු රාශියක් නිදන් කර තිබේ. ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාගේ උපදෙස් මත හා යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ මෙහෙයවීම මත යුද හමුදා නව වෙනි ඉංජිනේරු සේවා රෙජිමේන්තු සිවිල් ඉංජිනේරුවරුන් ඇතුළු රණවිරුවන් හා ආරක්ෂක අංශ සාමාජිකයන් මෙම සෑය සඳහා ශ්‍රම දායකත්වය ලබා දෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya