පෙබරවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය හා අධ්‍යාපන අමාත්‍යවරයා අතර හමුවක්

    නොවැම්බර් 08, 2021

    අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය (FUTA) අතර හමුවක්, කොළඹ වෝඩ් පෙදෙස උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පසුගිය දින සිදුවිය.

    විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වෙනම සේවාවක් ලෙස ස්ථාපිත කිරීම පිළිබඳ ඉල්ලීමක් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය විසින් ඉදිරිපත් කළ අතර, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, උසස් අධ්‍යාපනය සම්බන්ධ ඇතැම් පනත් සංශෝධනය, පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන නියාමනය, උසස් පෙළ ප්‍රතිඵල කඩිනමින් නිකුත් කිරීම ආදී උසස් අධ්‍යාපනය පිළිබඳ කරුණු කිහිපයක් ගැන මෙහිදී සාකච්ඡා විය.

    අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය එස් බන්නැහැක ඇතුලු නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya