පෙබරවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න 50ක් සඳහා විශේෂ පාර්ලිමේන්තු දිනයක්

    නොවැම්බර් 08, 2021

     

    මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න 50ක් සඳහා විශේෂ පාර්ලිමේන්තු දිනයක්

    විශේෂ පාර්ලිමේන්තු දිනයේ අසන ප්‍රශ්න 50, කැබිනට් අමාත්‍යවරුන් අතර බෙදී යන්නේ මෙහෙමයි.

    මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න 50ක් සඳහා අවස්ථාව ලබාදීම සඳහා, අද (08 සඳුදා) විශේෂ පාර්ලිමේන්තු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා පසුගිය කාලයේ පාර්ලිමේන්තුව නියමිත ලෙස රැස්වීමට නොහැකි වීම හේතුවෙන්, ආණ්ඩුව වෙනුවෙන් පිළිතුරු දීමට නොහැකි වූ ප්‍රශ්න සඳහා මෙසේ අවස්ථාව ලබාදෙන අතර 2021.10.21 රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගත් බව සභානායකවරයා කියා සිටියේය.

    රජයේ සහ සභානායකවරයාගේ අදහසට අනුව මෙසේ මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුර අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා ආණ්ඩුව වෙනුවෙන් පිළිතුරු දීමට පමණක් විශේෂ පාර්ලිමේන්තු දින 2ක් වෙන් කිරීමට, සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවට යෝජනා කර තිබිණි. ඒ අනුව මීට පෙර 2021.10.04 සදුඳා විශේෂ පාර්ලිමේන්තු දිනයක් ප්‍රකාශ කළ අතර එහිදී මන්ත්‍රීවරුන්ට ප්‍රශ්න 40 ක් සඳහා අවස්ථාව ලබා දුන්නේය.

    මෙවර 2021.11.08 සඳුදා, අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න 02 ක්ද, ආරක්ෂක අමාත්‍යවරයාගෙන් 01 ප්‍රශ්නයක්ද, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න 02 ක්ද, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න 03 ක්ද, වාරිමාර්ග අමාත්‍යවරයාගෙන් 01 ප්‍රශ්නයක්ද අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න 03 ක්ද විමසීමට නියමිතය.

    එමෙන්ම මහාමාර්ග අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න 02ක්ද, විදේශ අමාත්‍යවරයාගෙන් 01ප්‍රශ්නයක්ද ප්‍රවාහන අමාත්‍යවරයාගෙන් 01 ප්‍රශ්නයක්ද, ධිවර අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න 02 ක්ද, විදුලිබල අමත්‍යවරයාගෙන් 01 ප්‍රශ්නයක්ද, වෙළෙඳ අමත්‍යවරයාගෙන් 01 ප්‍රශ්නයක්ද, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න 05ක්ද, සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න 06ක්ද, මුදල් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න 04ක්ද, ඇසීමට නියමිතව තිබේ.

    මිට අමතරව, ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් 01 ප්‍රශ්නයක්ද, කර්මාන්ත අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න 02ක්ද, පරිසර අමාත්‍යවරයාගෙන් 01 ප්‍රශ්නයක්ද, ඉඩම් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න 02ක්ද, බලශක්ති අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න 02ක්ද, වැවිලි අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න 02ක්ද, සංචාරක අමාත්‍යවරයාගෙන් 01 ප්‍රශ්නයක්ද, තරුණ හා ක්‍රීඩා අමත්‍යවරයාගෙන් ප්‍රශ්න 02ක්ද, අධිකරණ අමාත්‍යවරයාගෙන් 01 ප්‍රශ්නයක්ද, මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් 01ප්‍රශ්නයක්ද විමසනු ඇත.

    ඒ අනුව මෙම කැබිනට් අමාත්‍යවරුන් වෙත ප්‍රශ්න යොමුවී ඇති අතර වැඩි ම ප්‍රශ්න සංඛ්‍යාව වන 06, යොමුවී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යවරයා වෙතය.

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya