පෙබරවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ''සඳහිරු සෑ කොත් වහන්සේ'' මත චූඬා මාණික්‍ය තැන්පත් කරයි

    නොවැම්බර් 08, 2021

    අනුරාධපුර, සඳහිරු සෑ කොත් වහන්සේ මත චූඩා මාණික්‍ය තැන්තපත් කීරීම අද (08) උදෑසන මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සුබ මොහොතින් සිදුකෙරුණි.

    යුධ ජයග්‍රහණය හා ඒ වෙනුවෙන් දිවි පිදූ මෙන්ම තුවාල ලැබූ රණවිරුවන් අනුස්මරණය කිරීම හා උපහාර පුද කිරීම වෙනුවෙන් ඉදිකළ සඳහිරු සෑ රඳුන් සසුනට පූජා කිරීමේ මහා පුන්‍යෝත්සවය නොවැම්බර් මස 18 දින අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.

    මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද ආරක්ෂක අංශවල නිලධාරින් සමඟ මෙම පූජනීය චූඩා මාණික්‍ය, කොත්වහන්සේ මත තැන්පත් කරනු ලැබුවේ එය පරිත්‍යාග කළ ආතර් සේනානයක මහතා විසිනි.

    වසර 2010 වසරේ නොවැම්බර් 11 වනදා පළමු පස් පිඩැල්ල කැපීමේ සිට පුරා වසර 11 ක් මුළුල්ලේ මෙම චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකරණු ලැබුයේ ත්‍රිවිධ හමුදාවේ හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු රණවිරුවන්ගේගේ දැනුමෙන් හා ශ්‍රමයෙන් වීම විශේෂත්වයකි.

     දිවයිනේ නන් දෙසින් පැමිණි පිරිස් හැකි සෑම අවස්ථාවකදී ම ශ්‍රම දායකත්වය හා මුල්‍ය දායකත්වයද මේ සඳහා ලබාදෙන ලදී. එළඹෙන 18 දිනෙන් පසු බෞද්ධ ජනතාවට මෙම සිද්ධස්ථානය වැදපුදා ගැනිමේ අවස්ථාව උදා වෙයි. වසර 1700 කට පසුව මෙරට ඉදිකළ සුවිශාල චෛත්‍ය ලෙසත් මෙය ඉතිහාසගත වෙයි.


    DMU/Anuradhapura

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya