පෙබරවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    අද සිට 13 වනදා දක්වා ඩෙංගු මර්දන විශේෂ වැඩසටහනක්

    නොවැම්බර් 08, 2021

    නොවැම්බර් 08 දින සිට 13 දින දක්වා බස්නාහිර සහ නැගෙනහිර පළාත්වල තෝරාගත් අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 59ක් තුළ ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය සැලසුම් කර ඇත.

    මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙන්නේ 2021 නොවැම්බර් මස 04 දින වන විට ශ්‍රී ලංකාවේ ඩෙංගු යැයි සැක කරන රෝගීන් 22,902ක් වාර්තා වී ඇති බවයි.

    මෙයින් 2,979ක් 2021 ඔක්තෝබර් මස ද, 505ක් නොවැම්බර් මස පළමු දින 04 තුළද වාර්තා වී ඇත. ඩෙංගු වාහක මදුරුවන් සහ මදුරු කීටයන් පිළිබදව රට පුරා කරන ලද සමීක්ෂණ අනූව ඩෙංගු මදුරුවන් බෝ වෙන ස්ථාන වැඩි වීමක් දක්නට ලැබෙන අතර ඒ හා සමගාමීව ඉදිරි සති කිහිපයේදී ඩෙංගු රෝගීන් වාර්තා වීම වැඩිවීමක්ද අපේක්ෂා කරයි.

    මෙම තත්ත්වය වසංගත අවධියක් දක්වා වර්ධනය වීම වළක්වා ගැනීම අරමුණු කරගනිමින් මෙම විශේෂිත ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන බවද කොවිඩ් 19 වසංගතයේ පීඩාව ක්‍රම ක්‍රමයෙන් මිදෙමින් සිටින මෙම මොහොතේ රටපුරා ඩෙංගු වසංගතයක් පැතිරුණහොත් නැවත විශාල පීඩාවකට මුළු රටම පත්විය හැකි බැවින් මෙම අවස්ථාවේ කොවිඩ් 19 වසංගතය මෙන්ම ඩෙංගු වසංගතයක්ද පැතිරීම වළක්වාගැනීම අප සැමගේ වගකීමක් බවද අවධාරණය කර ඇත.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya