පෙබරවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    කොවිඩ් එන්නත් දෙකම නොගත් අයට පොදු ස්ථානවලට ඇතුළ්වීම තහනම් කෙරෙන නීතියක් සම්මත කිරීමට අවධානය

    නොවැම්බර් 08, 2021

    කොවිඩ් මර්දන එන්නත් දෙකම නොගත් අයට පොදු ස්ථානවලට ඇතුළ්වීම තහනම් කෙරෙන නීතියක් ඉදිරියේ දී සම්මත කර ගැනීම බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (08) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

    එසේ කොවිඩ් මර්ධන එන්නත ගැනීම අනිවාර්ය කිරීම පවතින නීතිය අනුව කළ හැකි බව නීතිපතිවරයා තමාට දැනුම් දී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    මේ අනුව තමා ඒ සඳහා කටයුතු කරන බව පැවසූ ඇමැතිවරයා, මෙම තීරණයට විරුද්ධව යමකු අධිකරණයට ගියොත් ඊටද මුහුණ දීමට සූදානම් බව සඳහන් කළේ ය.

    ලෝකයේ රටවල් ගණනාවක් පොදු ස්ථානවලට එන්නත් කාඩ්පත අනිවාර්ය කර ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා එන්නත් ලබා ගැනීම පිළිබඳව පරිගණක ඇප් එකක් හඳුන්වාදී එම කටයුතු ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya