පෙබරවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    දරුවන් 35,000කට ආසන්න ප්‍රමාණයක් එන්නත්කර අවසන් - වෛද්‍ය ටී. එම්. ජයලත් - පාසල් සෞඛ්‍ය කාර්යාලය

    නොවැම්බර් 08, 2021

    මේ වන විට දරුවන් 35,000කට ආසන්න ප්‍රමාණයක් එන්නත්කර අවසන් බවත් මෙය ප්‍රතිශතයක් ලෙස ගත්කළ 60%කට වැඩි අගයක් බවද පාසල් සෞඛ්‍ය කාර්යාලයේ ආයතන භාර වෛද්‍ය නිලධාරී වෛද්‍ය ටී. එම්. ජයලත් මහතා සඳහන් කළේය.

    ඔහු මේ බව කියා සිටියේ, අද (08) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති කොවිඩ් පිළිබඳ මාධ්‍ය හමුවේදී අඳහස් දක්වමිනි.

    මේ වන විට කොළඹ කලාපයේ කොළඹ මහනගර සීමාව තුළ පාසල් බොහෝමයක එන්නත්කරණ කටයුතු ආවරණය කර අවසන් වෙමින් පවතින බවද ඔහු සඳහන් කළේය. ප්‍රථමයෙන් මෙවර උසස් පෙළ කරන සහ පසුගිය වසරේ උසස් පෙළ කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එන්නත්කරණය ඇරඹි බවද, ඉන්පසු සාමාන්‍යපෙළ සිට 11,12 වසරවල අධ්‍යාපනය හදාරන සිසුන්ටද එන්නත් ලබාදීමේ වැඩසටහන ඇරඹූ බවද ඔහු සිහිපත් කළේය.

    මෙම මස 15, 16 වන විට මහනගර සභා සීමාව තුළ ඇති සියලුම පාසල් වල එන්නත්කරණ වැඩසටහන් අවසන් වන බවද, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සියලුම සිසුන් හට ඒ අනූව කොවිඩ් එන්නතෙන් ආරක්ෂාව සැලසෙන බවද එය පාසල් ආරම්භයට ඉතාමත් හොඳ කාරණයක් බවද ඔහු සදහන් කළේය.

    මෙතෙක් දරුවන්ට එන්නත් ලබාදීමේදී සැලකිය යුතු අතුරු ආබාධ කිසිවක් වාර්තා වී නැතැයි ද, එකදු දරුවෙකු හෝ දැනුවත්ව රෝහල්ගත කිරීමට අවශ්‍ය නොවුණු බවද සිහිපත් කළ වෛද්‍යවරයා ඉදිරියේ දී එන්නත් ලබාගැනීම මගහැරුණු සිසුන්ටද තමන්ගේ නිවසට ආසන්න පාසලකට පැමිණ එන්නත් ලබාගැනීමේ පහසුකම් සළසන බවද කියා සිටියේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya