පෙබරවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ජල ගැලීම්වලින් පීඩාවට පත් අනුරාධපුර ජනතාව මුදා ගැනීම් අඛණ්ඩව - පීඩාවට පත්වූවන්ට පිසූ ආහාර

    නොවැම්බර් 08, 2021

    පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 03 කට අයත් පවුල් 146 ක පුද්ගලයින් 543 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි දිස්ත්‍රික් ආපදා සහන සේවා මධ්‍යස්ථනයේ
    දිස්ත්‍රික් නිලධාරී රශීලා ලියනගමගේ මහත්මිය සඳහන් කරයි.

    දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි මෙම පීඩාවට පත්වූවන් සදහා පිසූ ආහාර ලබාදීමට පියවර ගෙන තිබේ.

    මහවිලච්චිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ හැලඹවැව , විලච්චිය , පේමඩුව , රන්දූව, පලුගස්වැව , මන්නාරම් හංදිය , සදමල් එළිය , ඇත්දත්කල්ල , තුප්පිටිය යන ප්‍රදේශයන් හි පවුල් 93කට අයත් 300 කට අධික පිරිසක්
    පීඩාවට පත්ව සිටී.

    නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නැලවගම , පහලමාරගහවැව හා තිඹිරිවැව යන ප්‍රදේශවල පීඩාවට පත් පවුල් සංඛයාව 33 ක් . ඊට අයත් පුද්ගලයින් සංඛ්‍යාව 145 කි. තවමත් එම ප්‍රදේශවල පිරිස් මුදාගනිමින් සිටින බවද වාර්තා වේ.

    රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රන්දෙණිගම, අංගමුව හා යාය 15 යන ප්‍රදේශවල පවුල් 20 කට අයත් 75 ක පමණ පිරිසක් ජලගැලීම් වලින් පීඩාවට පත්ව සිටී.

    මෙම සියලු පිරිස පීඩාවට පත්ව ඇත්තේ නිවෙස් ජලයෙන් යටවීම හේතුවෙන්. දැනට එම පිරිස් ඥාති නිවෙස් වල රඳවා සිටී. ප්‍රාදේශිය ලේකම්වරුන්ගේ මැදිහත් වීමෙන් ප්‍රාදේශීය ලේකම්කාර්යාලන් හි ආපදා නිලධාරීන් , ස්වේච්ඡා පිරිස්
    එක්ව පුද්ගලයින් මුදාගැනිමේ කටයුතු වල නිරත වේ. ජලය බැසයන තෙක් නිවාස හානි ගණනය කළ නොහැකි බව ආපදා සහන සේවා මධ්‍යස්ථානය සදහන් කරයි.


    DMU/Anuradhapura

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya