කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (08 ) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පාර්ලිමේන්තු කටයුතු කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මෙම තීරණයට එළැඹ තිබේ.. මෙසේ අයවැය කාලසීමාව තුළ ඊට ප්‍රමුඛත්ව ලබා දී කටයුතු කිරීම සෑම අයවැය කාලසීමාවකදීම සිදු කරන බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේය.
එමෙන්ම,1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයා විසින් කරන ලද ආඥාවට අදාළ ගැසට් පත්‍රය 2021.11.10 බදාදා පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමටද පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේදී තීරණය වී ඇත.
2021.07.20 සහ 2021.10.06 හා 07 දිනවල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ (COPA) වාර්තා තුන සම්බන්ධයෙන් වන ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන කල්තැබීමේ යෝජනාව ගැන විවාදය 2021.11.09 අඟහරුවාදා දවස පුරා (පෙ.ව.10.00 සිට ප.ව. 5.30 දක්වා) පැවැත්වීමටද, මීට පෙර පැවති, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය.