පෙබරවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    කිසි දිනෙක මුතුරාජවෙල තෙත්බිම විනාශ වීමට ඉඩ දෙන්නේ නෑ- නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති

    නොවැම්බර් 08, 2021

    මුතුරාජවෙල තෙත්බිම සංරක්ෂණය කිරීම රජයේ සහ ඒ පිළිබඳව සැළකිලිමත් වන අනිකුත් පර්ශවයන්ගේ අවශ්‍යතාවයක් වන බව නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර මහතා කියා සිටී.

    ඒ මහතා මේ බව කියා සිටියේ,''මුතුරාජවෙල ඇත්ත කථාව ''  මැයෙන් අද (08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

    මේ පිළිබඳව ප්‍රදේශයේ ජනතාවගේ සහ කතෝලික ප්‍රජාවගේ අවශ්‍යතාවය සළකා බලා නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශයත්, වනජීවී සංරක්ෂණ අමාත්‍යංශයත් හා පරිසර අමාත්‍යංශයත් ඒකාබද්ධව ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවක ප්‍රතිඵලයක් ලෙස මෙම ගැසට් නිවේදනය නිකුත් කොට ඇති බවත්, එමඟින් එනම්, නාගරික සංවර්ධන අධිකාරිය, වනජීවී දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය යන රාජ්‍ය ආයතන සියල්ල ඒකාබද්ධ වී පරිසරය ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙලක නිරත වෙමින් සිටින බවත් හෙතෙම කියා සිටියේය.

    ඒ අනුව, මෙම ආයතන තුන කිසි දිනෙක මුතුරාජවෙල තෙත්බිම විනාස වීමට ඉඩනොදෙන බවත්, මුතුරාජවෙල තවදුරටත් විනාශ වීම වළක්වාගැනීම අරමුණ බවත් ඒ මහතා මෙහි දී අවධාරණය කර සිටියේය.

    එමෙන්ම, මුතුරාජවෙල තෙත්බිම සංරක්ෂණය කිරීම පිළිබඳව නිකුත් කරන ලද ගැසට් නිවේදනය පිළිබඳව විවිධ උද්ඝෝෂණ මතුව තිබෙන අතරම මේ පිළිබඳව අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් සිටින බව මෙහි දී කියා සිටින ලදුව එම තොරතුරුවල කිසිඳු සත්‍යතාවයක් නොමැති බවත්, එම ප්‍රදේශයේ ජනතාව දැනුවත් කර මෙම ප්‍රදේශය තවදුරටත් විනාස වීම හා ගොඩ කිරීම වැළක්වීම සදහා අවශ්‍ය වැඩපිළිවෙල දැනටමත් ක්‍රියාත්මක කර ඇති බවත්, එම ප්‍රදේශ අසල කුඩා හමුදා ඛණ්ඩයක් ස්ථාපිත කිරීමට ද කටයුතු කර ඇති බවත්, කිසිදු විටෙක වෙනත් ආයතනයකට ලබා දීමට කටයුතු නොකරන බවත් මෙහි දී ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

    මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ඩබ්.අයි. මංජුල, ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී එස්.එම්. විජේරත්න, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ප්‍රසාද් රණවීර යන මහත්වරු සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya