ඔහු මේ බව කියා සිටියේ, (08) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
රටේ කොවිඩ් පැතිරීම උග්‍ර මට්ටමක පැවති අවස්ථාවේ ගර්භණී මවුවරුන්ට ප්‍රශස්ථ සේවාවක් ලබාදීමේ අරමුණෙන් ඔවුන් වෙත ලබාදෙන සේවාවල යම් යම් වෙනස්කම් කළ බවද, නමුත් මේ වන විට පවතින තත්ත්වය අනූව නැවත වරක් සුපුරුදු සේවා ගර්භණී මවුවරුන් වෙත ලබාදීමේ කටයුතු ක්‍රියාත්මක වන බවද, මෙහි සුපුරුදු සේවා යනුවෙන් අදහස් කරනුයේ නිර්දේශිත සියලුම තාක්ෂණික සේවා බවද ඔහු පැහැදිළි කළේය.
පසුගිය දින වල ඇතැම් මාධ්‍ය මගින් රට තුළ මේ වන විට කොවිඩ් සමනය වී ඇති බවට මතයක් සමාජගත කළ බව සිහිපත් කළ විශේෂඥ වෛද්‍ය සංජීව ගොඩකන්දගේ මහතා, ප්‍රකාශ කළේ ගර්භණී මවුවරුන් සිය පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හා සාකච්ඡා කර සාමාන්‍ය තත්ත්වයට පත්කර ඇති සේවා, නව සාමාන්‍යකරණ තත්ත්වය යටතේ එනම් සෞඛ්‍ය නිර්දේශ වලට 100%ක් අනුගත වෙමින් අදාළ සේවා වෙත යොමු වන ලෙසයි.
මාතෘ සංවර්ධන සේවාවල ඇති සුවිශේෂී අංගයක් වශයෙන් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් විසින් මවුවරුන්ගේ නිවෙස් වලටම ගොස් ලබාදෙන සේවාව පිළිබද සිහිපත් කළ වෛද්‍යවරයා, එමගින් මවගේ පෞද්ගලික තත්ත්වය සැළකිල්ලට ගනිමින් ඉතාමත් සුවිශේෂී සේවාවක් සැපයීමට ද හැකියාව ලැබෙනු ඇතැයි සඳහන් කළේය.
එම සේවාව ඒ අයුරින්ම සායනයකදී සැපයීම අසීරු යැයිද, ගෘහ පිවිසුම් වෙතින් සපයන සේවාව මෙන්ම සායන මඟින් සපයන සේවාවද ඉතාම වැදගත් බවද ඔහු පැවසුවේය. පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය ඔබගේ නිවසට පැමිණ ලබාදෙන සේවාව ඔබගේ සහ ඔබගේ නූපන් දරුවාගේ සෞඛ්‍යට ඉතාමත් වැදගත් වන බව පෙන්වාදුන් විශේෂඥ වෛද්‍ය සංජීව ගොඩකන්දගේ මහතා එමනිසා එම සේවාවන් ලබාගැනීමට කිසිසේත් නොපැකිලෙන ලෙසද කියා සිටියේය.
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් මෙම සේවාවන් ලබාදෙන්නේ ඔවුන්ගේ මෙන්ම ගර්භණී මවුවරුන්ගේද ආරක්ෂාව පිළිබදව සැළකිලිමත්ව වන බවද, මෙය ගර්භණී මවුවරුන්ගේ සෞඛ්‍යයට ඉතාම අත්‍යවශ්‍ය අංගයක් වන බැවින් මෙම සේවාවට ඉහළ පිළිගැනීමක් මවුවරුන් ලබාදෙතැයි බලාපොරොත්තු වන බවද ඔහු සදහන් කළේය.
තවදුරටත් ගර්භණී මවුවරුන් එන්නත් ලබා නොමැති නම් එය ලබාගැනීමේ වැදගත්කමද නිරන්තරයෙන් සෞඛ්‍ය පුරුදු පවත්වාගැනීම පිළිබදවද වෛද්‍යවරයා අවධාරණය කළේය.