පෙබරවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    තෙවැනි අදියර යටතේ හැකි ඉක්මනින් 6 සිට 09 දක්වා ශ්‍රේණි ආරම්භ කිරීමට කටයුතු කරනවා

    නොවැම්බර් 08, 2021

    එළඹෙන සතිය තුළ දිවයිනේ සියලු පාසල් වල 6 සිට 09 දක්වා ශ්‍රේණි ආරම්භ කිරීමට අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් ලැබෙනු අති බවත් ඒ අනුව තෙවැනි අදියර යටතේ හැකි ඉක්මනින් එම ශ්‍රේණි ආරම්භ කිරීමට කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද(08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    යම් කිසි ප්‍රතිශතයක් අනුව උපකාරක පංතිද ආරම්භ කිරීමට හැකි වනු ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

    පාසල් සිසුන්ගේ විෂය ආවරණය කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික අධ්‍යාපන ආයතනයත් සමග ඒ සඳහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවත් ඉගැන්වීම් කටයුතු පෙර පරිදිම සිදු වන බැවින් සිසුන් නියමිත දිනයන්හි දී පාසලට පැමිණීම අත්‍යාවශ්‍ය කරුණක් බවද සඳහන් කළේය.

    වයස අවුරුදු 12ට වැඩි දරුවන්ට අවශ්‍ය එන්නත් ලබා දීම පිළිබඳව අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ඒ සඳහා අවශ්‍ය උපදෙස් පළාත් අධ්‍යාපන බලධාරින් වෙත ලබා දී ඇති බවයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya