පෙබරවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    අධික වර්ෂාවට නිසා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 347 ක පුද්ගලයින් 1198 ක් පීඩාවට

    නොවැම්බර් 09, 2021

    පවතින අධික වර්ෂාව නිසා ඇති වූ ජල ගැලීම් හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරකට අයත් පුද්ගලයින් 1198 දෙනෙකු පීඩාවට පත්ව සිටී.

    ආපදා සහන සේවා දිස්ත්‍රික් නිලධාරී රෂීලා ලියනගමගේ මහත්මිය සඳහන් කළේ , අද දහවල් කාලය වන විට මෙම තත්ත්වය තවත් වැඩිවිය හැකි බවයි. මහවිලච්චිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල් 93 කට අයත් පුද්ගලයින් 303 දෙනෙකු පීඩාවට පත්ව සිටී. නොච්චියාගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පීඩාවට පත් පිරිස 702 ක්. එම පිරිස පවුල් 204කට අයත්වෙයි තඹුත්තේගම පවුල් 30ක 98 දෙනෙකු ද , රාජාංගනයේ පවුල් 20 ක 75 දෙනකු ද පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.

    මේ සියලු දෙනාටම පිසූ ආහාර ලබාදෙන බව දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා සඳහන් කළේ ය.
    මේ අතර නොච්චියාගම කටුපත්වැව ප්‍රදේශයේ කොටු වි සිටි පිරිසක් ජීවිතාරක්ෂක කණ්ඩායම් යොදවා බේරාගැනීමට සමත් තිබේ. නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් අසංක රත්තානයක මහතා සඳහන් කළේ ,  25 දෙනෙකුගෙන් පමණ සමන්විත මෙම පිරිස කටුපත්වැව ප්‍රාථමික විද්‍යාලයේ තාවකාලිකව රඳවා සිටින බවයි. බුල්නෑව ප්‍රදේශයේ ජල ගැලීම් වලට කොටු වූ පවුලක් මුදවා ගැනිම් ආරම්භ කළ බවට ද අද උදෑසන වාර්තා වුණා. රාජාංගනය ප්‍රදේශයේ පුද්ගලයින් හතර දෙනෙකු ජලයේ ගසා ගෙන ගොස් ඇති අතර ඊයේ රාත්‍රි 11 ට පමණ ජීවිතාරක්ෂ කණ්ඩායම් විසින් මෙම පුද්ගලයින් මුදවාගෙන තිබේ.

    අද උදෑසන වන විට මධ්‍යම නුවරගම් පලාත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ මෙන්ම විලච්චිය ප්‍රදේශයේ තවත් ස්ථාන කිහපයක් ජලයෙන් යටව තිබූ බව ද වාර්තා වේ. අනුරාධපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මැදිහත් වීමෙන් කලාවැව , නාච්චාදූව හා රාජාංගනය යන ජලාශ ආශ්‍රිතව බෝට්ටු පහක් රඳවා ඇත්තේ ජීවිතාක්ෂක සේවා කණ්ඩායම් ද සමගයි.


    අනුරාධපුර නගරයේ මෙන්ම අනෙකුත් තදාසන්න නගර වල නගරාශ්‍රිතව ජල ගැලීම් බොහෝ ප්‍රමාණයක් වාර්තා වේ. දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ , කාණු පද්ධති , බෝක්කු ආදිය අවහිර
    වීම මෙම තත්ත්වයට දැඩි සේ බලපා ඇති බවයි.

    මේ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහා වාරි 14 න් හතක්ම මේ වන විට වාන් දමමින් පවතී. තිසා වැව , අභය වැව , මහවිලච්චිය , රාජාංගනය , අංගමුව , නාච්චාදූව , හා තුරුවිල යන ජලාශ වාන් දමමින් තිබේ.
    මීට අමතරව දිස්ත්‍රික්කයේ කුඩා වැව් සියල්ලක්ම පාහේ පිටාර මට්ටමේ පවතින අතර අවධානම් සහගත වැව් ආශ්‍රිතව ගතයුතු ක්‍රියාමාර්ග සදහා කණ්ඩායම් යොදවා ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවිර මහතා සඳහන් කළේ ය.

    DMU/Anuradhapura

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya