පෙබරවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ගිණිකොණදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය විය වීමේ හැකියාවක්

    නොවැම්බර් 09, 2021

     ඉදිරි පැය 24 තුළ ගිණිකොණ දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.

    මෙම අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වෙමින් ශ්‍රී ලංකාවේ උතුරු දෙසට ගමන් කරනු ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ.

    මෙම අඩුපීඩන කලාපය හේතුවෙන් ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ දිවයිනේ දකුණු දිග මුහුදු ප්‍රදේශවල තද වැසි සමග විටින් විට හමන සුළග පැයට කිලෝමීටර් හැටක් හැත්තෑවක් දක්වා ඉහළ හැකි බැවින් ගිණිකොණ දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ සහ දිවයිනේ දකුණු දිග මුහුදු ප්‍රදේශවල ධිවර සහ නාවුක කටයුතු වලින් වැළකී සිටින මෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් කරයි.

    එසේම ඉහත පද්ධතියේ බලපෑම හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ ද දිවයිනේ පවතින වැසි සහිත කාලගුණික තතත්වය තවදුරටත් පැවැතිය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, වයඹ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් අනුරාධපුර, ත්‍රිකුණාමලය, නුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බවත් මාතලේ, පොළොන්නරුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වැසි ඇති විය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙන අතර පවතින කාලගුණික තත්වය හේතුවෙන් ඔබ ජීවත් වන පරිසරයේ නිර්මාණය විය හැකි නායයාම පස් කණ්ඩි කඩවැටීම, අවදානම් ගස් කඩා වැටීම වැනි ආපදා අවදානම් තත්වයන් පිළිබදව සැලකිළිමත් වන ලෙසත් එවැනි ආපදා අවදානමක් ඇතිනම් ක්ෂණිකව එම ස්ථාන වලින් ඉවත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙයි.

    ආපදා අවදානම් තත්වයක දී අවශ්‍ය සහයෝගය ලබාගැනීමට හෝ ආපදා තත්වයක් පිළිබද දැනුවත් කිරීමට හෝ 117 හදිසි ඇමතුම් අංකයට දැනුම් දීමට කටයුතු කරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන‍ය ජනතාවගෙන් ඉල්ලා සිටී.

    එසේම පවතින අයහපත් කාලගුණ තත්වය පිළිබදව මෙන්ම ඇතිවිය හැති ආපදා අවදානම් පිළිබදව තාක්ෂණික ආයතන විසින් නිකුත් කරනු ලබන නිවේදන පිළිබදව අවධානය යොමු කරන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට තවදුරටත් දැනුම් දෙයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya