පෙබරවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ගං වතුරෙන් ආපදාවට පත් 71 දෙනෙකු නාවික හමුදාවෙන් මුදා ගනියි

    නොවැම්බර් 09, 2021

    අධික වැසි තත්ත්වය හමුවේ ඇතිවු ගංවතුර තත්ත්වය හේතුවෙන් කල්පිටිය පාලවිය ප්‍රදේශයේ ආපදාවට පත්ව සිටි පුද්ගලයන් 71 දෙනෙකු 2021 නොවැම්බර් මස 08 දින රාත්‍රියේ මුදා ගැනීමෙන් පසු ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කර අවශ්‍ය සහන සැලසීමට නාවික හමුදා සහන කණ්ඩායම් විසින් කටයුතු කෙරිණි.

    දිවයිනේ ප්‍රදේශ ගණනාවකට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ආපදාවට පත් ජනතාවට සහන සැළසීම සඳහා මේ වන විට බස්නාහිර, දකුණ, උතුරු මැද, වයඹ සහ සබරගමුව පළාත් ආවරණය වන පරිදි කළුතර පරගොඩ, රත්නපුර නව නගරය, ගාල්ල උඩලමත්ත, පුත්තලම පාලවිය, වතාතවිල්ලුව හා කරඹේ, කුරුණෑගල ගිරිඋල්ල සහ අනුරාධපුර රාජාංගණය යන ප්‍රදේශ වෙත නාවික හමුදා සහන කණ්ඩායම් 10ක් යොදවා ඇත.

    ඒ අනුව, පුත්තලම් දිස්ත්‍රික්කයේ කල්පිටිය කරඹේ ප්‍රදේශයේ ඇති වී තිබෙන ගං වතුර තත්වය හේතුවෙන් ආපදාවට පත්ව සිටි පුද්ගලයන් 71 දෙනෙකු මෙලෙස ආරක්ෂිතව මුදා ගැනීමෙන් පසු අවශ්‍ය සහන සැලසීමට නාවික හමුදා සහන කණ්ඩායම් 2021 නොවැම්බර් මස 08 දින රාත්‍රියේ කටයුතු කල අතර, ප්‍රදේශයේ සහන සැලසීමේ මෙහෙයුම් අද දිනයෙත් (2021 නොවැම්බර් මස 09) තවදුරටත් ක්‍රියාත්මක කරනු ලබයි.

    තවද, අධික වැසි තත්ත්වය හමුවේ ජනතාවට සහන සැලසීම සදහා අවශ්‍ය පරිදි ස්ථාන ගත කිරීමට තවත් අමතර සහන කණ්ඩායම් 60ක් බටහිර, දකුණ, වයඹ සහ උතුරු මැද නාවික විධානයන් තුළ සූදානමින් තබා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya