පෙබරවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    කාබනික පොහොර ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගත යුතු නෑ-කෘෂි ඇමති

    නොවැම්බර් 09, 2021

    මහ කන්නය සඳහා මේ වන විටත් හෙක්ටයාර් 525,000ක ඉඩම් ප්‍රමාණයක් වගා කර ඇති බවත් ඉතිරි ඉඩම් ප්‍රමාණයද වගා කරන්නේ නම් මෙරට ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් ගැටළුවක් ඇති නොවනු ඇති බව කෘෂි කර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර ,නියෝග 27/2 යටතේ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුර දෙමින් අමාත්‍යවරයා  අද (9) පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේය.

    කාබනික පොහොර ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර නොගත යුතු බව කී අමාත්‍යවරයා ගොවිජනතාවගේ ජීවිත කඩා වැටීමට රජය කිසි සේත් ඉඩ නොතබව බවද සඳහන් කළේය. රටේ ආහාර සුරක්ෂිතතාවයට ගැටළු ඇතිවීමට රජය කිසිසේත් ඉඩ නොතබන බව කී අමාත්‍යවවරයා අද වන විටත් ගොවියෝ ගොවි බිම් කරා ගොස් ඇති බවද පෙන්වා දුන්නේය. කාබනික කෘෂිකර්මාන්තය අපහසු බවත් කැපකිරීමක් කළ යුතු බවත් කී අමාත්‍යවරයා නැනෝ නයිට්ට්‍රිජන් පොහොර භාවිතා කිරීම සම්බන්ධයෙන් අදාළ උපදෙස් ගොවිජනතාවට ලබා දී ඇති බවත් මෙම නැනෝ පොහොර සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ ලබා දී ඇතැයිද කීය.

    ඒහෙත් විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් නැනෝ නයිට්ට්‍රිජන් පොහොර තොගය සම්බන්ධයෙන් කෙරන චෝදනාවට ඒරෙහිව අද දිනයේ සි.අයි.ඩියට පැමිණිලි කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. විපක්ෂය විසින් ඉන්දියාවෙන් ගෙන්වන නයිට්ට්‍රිජන් පොහොර සම්බන්ධයෙන් බිල්ලෙක් මවා ඇතැයිද කීය.

    ගොවීන්ගේ නිෂ්පාදනයේ යම් අඩුවක් වුවහොත් ඒ් වෙනුවෙන්ද කෘෂි රක්ෂණ මණ්ඩලය මගින් ගොවි ජනතාවට වන්දි ලබා දීමටද රජය සූදානම් බවද කීය.

    භාවිතයට නොසුදුසු චීන පොහොර තොගය සම්බන්ධයෙන් අදහස් දැක් වූ කෘසිකර්ම අමාත්‍යවරයා, ප්‍රමිතියොන් තොහොර මෙරටට ගෙන ඒමට ඉඩ නොතබන බවද කීය. පොහොර සමාගම් වලින් කොමිස් නොගෙන පොහොර තොගය ප්‍රතික්ෂේප කිරීමට රජය කටයුතු කළ බව ද අමාත්‍යවරයා පැවසීය.

    අපේ රටේ මෙන්ම ලෝකයේ තවත් බොහෝ රටවල් මේ වන විටත් මෙම කාබනික පොහොාර කෙරෙහි අවධානය යොමු කර ඇත. මෙම කාබනික පොහොර ව්‍යාපෘතිය සඳහා ලෝකයේ රටවල් 16 ක් ආධාර ලබා දීමට ඒකග වී ඇතැයිද අමාත්‍යවරයා කීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya