අප්‍රේල් 22, 2025
tami eng youtube  twitter facebook

    අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දුම්රිය ගමන් සීමා කෙරෙයි - දුම්රිය සාමාන්‍යාධිකාරී

    නොවැම්බර් 09, 2021

    අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කටයුතු සීමා කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා අද (09) රජයේ නිල වෙබ් අඩවිය විසින් කරන ලද විමසුමේ දී
    ප්‍රකාශ කළේය.


    ඒ අනුව, ප්‍රධාන දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සිට රඹුක්කන දක්වාත්, කොළඹ කොටුව සිට හලාවත දක්වාත් දුම්රිය ධාවනය කෙරෙන බව හෙතෙම කියා සිටියේය.

    එමෙන්ම, උඩරට දුම්රිය මාර්ගය අතර දුම්රිය ගමනාගමනය තාවකාලිකව අත්හිටුවා ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya