පෙබරවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    සහන කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මකයි - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි

    නොවැම්බර් 09, 2021

    දිවයින පුරා තද වැසි ඇති වීම හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට හදිසි ආපදා තත්ත්වයක් උද්ගත වී ඇති බවත්, 117 දුරකථන අංකය ක්‍රියාත්මක වන අතර සහන කටයුතු ද අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන බවත්, මේ වන විට ආරක්‍ෂිත මධ්‍යස්ථාන වල පුද්ගලයින් 222 ක ප්‍රමාණයක් තාවකාලිකව රඳවා තබා ඇති බවත්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා අද මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් (09) ප්‍රකාශ කර සිටි.

    යාපනය, කුරුණෑගල හා පුත්තලම දිස්ත්‍රික්ක මේ වන විට වැඩිම වර්ෂාපතනයක් වාර්තා වූ දිස්ත්‍රික්ක ලෙස වාර්තා වී තිබේ.

    කෑගල්ල දිස්ත්‍රිකයේ ද තද වර්ෂාපතනයක් පැවතීම හේතුවෙන් අද (09) දිනයේ දී රඹුක්කන ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇති අතර, ගිරිඋල්ල හා අලව්ව ප්‍රදේශ වල ද දියේ ගිලී යාම සහ පස්කන්දක් කඩාවැටීම හේතුවෙන් මරණ දෙකක් වාර්තා වී ඇති බව ද හෙතෙම පැවසීය.

    නාය යාම් ලක්ෂණ දක්නට ලැබේ නම් හැකි ඉක්මණින් එම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙසත්, වඩාත් ආරක්ෂාකාරී ව කටයුතු කරන ලෙසත්, වැඩි වන වැසි තත්ත්වය හේතුවෙන් ගංගාවල ජල මට්ටම් වැඩිවීමක් දක්නට ලැබෙන බවත් කියා සිටි ඒ මහතා විශේෂයෙන් මහ ඔය දෙපස සිටින ජනතාවට රතු නිවේදන නිකුත් කොට ඇති බවත්, ඔවුන් වඩාත් සුපරික්ෂාකාරිව සිටින ලෙසත් හෙතෙම කියා සිටියේය.

    කෙසේ වුවද, ඊයේ දිනට වඩා පවතින වැසි තත්ත්වයේ යම් අඩු වීමක් දක්නට ලැබෙන බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක වාර්තා කර තිබෙන බවත්, උතුරු සහ උතුරු මැද මෙන්ම වයඹ පළාත, මෙන්ම, ගාල්ල මාතර දිස්ත්‍රික්ක වලටත්, කඳුකර ප්‍රදේශ වලටත් ඉදිරියේදීත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇති බවත් ඒ මහතා මෙහි දී ප්‍රකාශ කර සිටියේය.

    බොහෝ ප්‍රදේශ වලට නිකුත් කර ඇති නාය යාම් අනතුරු ඇඟවීම් තවදුරටත් වලංගු වන බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය. මාතලේ, මහනුවර, නුවරඑලිය, කෑගල්ල, කොළඹ, රත්නපුර හා කුරුණෑගල යන දිස්ත්‍රික්ක වලට අදියර දෙක ඔස්සේ නාය යාම් අනතුරු ඇඟවීම් ද මේ වන විට නිකුත් කොට ඇත.

    ඒ අනුව, මේ වන විට ආරක්‍ෂිත මධ්‍යස්ථාන නුවරඑළිය, මාතලේ, බදුල්ල, කළුතර, යන දිස්ත්‍රික්ක වල සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුගත වෙමින් ක්‍රියාත්මක වන බවත් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya