පෙබරවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    නව බතික් පුහුණු මධ්‍යස්ථානවලින් නව්‍යකරණය වූ දේශිය රෙදිපිළි හා බතික් කලාවක් බිහිවනු ඇතැයි විශ්වාස කරනවා - අග්‍රාමාත්‍ය

    නොවැම්බර් 10, 2021

    අලුතින් ස්ථාපිත කළ පුහුණු මධ්‍යස්ථාන ඔස්සේ නව්‍යකරණය වූ දේශීය රෙදිපිළි හා බතික් කලාවක් බිහිවනු ඇතැයි තමන් විශ්වාස කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


    දිවයින පුරා ස්ථාපිත කළ බතික් සහ දේශීය ඇඟළුම් පුහුණු මධ්‍යස්ථාන 160ක් අරලියගහ මන්දිරයේ සිට මාර්ගගත ක්‍රමවේදය යටතේ සංකේතාත්මකව විවෘත කරමින් අග්‍රාමාත්‍යතුමා (09) දින පෙරවරුවේ මේ බව සඳහන් කළේය.


    බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් හා ආයතන ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් අරලියගහ මන්දිරයේ මෙම සමාරම්භක උත්සවය පැවැත්විණි.
    මෙයට සමඟාමීව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ඔබේසේකරපුර ඇසළ ක්‍රීඩාංගණය අසළ පිහිටි පුහුණු මධ්‍යස්ථානය විවෘත කීරීම සංකේතාත්මකව සිදුවිය. පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා එම අවස්ථාවට එක්ව සිටියේය.
    බතික් පුහුණු නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ වාර්තාමය වැඩසටහනක් ද සමාරම්භක උත්සවයට සමඟාමීව විකාශය කෙරිණි.


    දිවයින පුරා ස්ථාපිත කළ බතික් සහ දේශීය ඇඟළුම් පුහුණු මධ්‍යස්ථාන 160ක් විවෘත කරමින් අග්‍රාමාත්‍යතුමා කළ සම්පූර්ණ කතාව මෙසේය.


    මිත්‍රවරුනි,


    අපේ රටට වර්ණවත් සංස්කෘතියක් වගේම වර්ණවත් ඉතිහාසයක් තියෙනවා. අපි විවිධ ජන කණ්ඩායම් හා ආගම්වලින් පෝෂණය වුණ රටක්. අපේ මිනිස්සුන්ගේ සිතුම් පැතුම්, ජීවන රටා, විලාසිතා ගත්තත් බොහෝම වර්ණවත්. මේ සංස්කෘතියට මේ වර්ණ එකතු කරන කලාවන් කිහිපයක් අපි දකිනවා.


    දේශීය ඇඟලුම් වගේම බතික් කලාවත් ඒ අතර තිබෙන බවයි අපි විශ්වාස කරන්නෙ.‍
    එදා විවෘත ආර්ථිකය අපේ රටට හඳුන්වා දෙන්න කලින් මේ අත්යන්ත්‍ර රෙදිපිළිවලට විශාල පිළිගැනීමක් තිබුණා. හැබැයි විවෘත ආර්ථිකය හඳුන්වලා දීපු දවසෙ ඉඳන් පිටරට රෙදි පිළි වලට දොරටු විවර වුණා. මේ නිසා සිදුවෙච්ච අභාග්‍ය සම්පන්න දේ තමයි අපේ දේශීය ආර්ථිකයට පණ දෙන්න තිබුණ කර්මාන්තශාලා ටික වැහිලා ගියපු එක.
    තුල්හිරියෙ පෙහෙ කම්හල වගේ මුළු රටටම රෙදි පිළි දීපු තැන් වැහිලා ගියා. එදා විවෘත ආර්ථිකය අපේ රටට හඳුන්වල දෙනකොට දේශීය දේ රැකගන්න වැඩපිළිවෙලක් තිබුණෙ නැහැ. දශක ගණනාවක් අපි එහි ප්‍රතිවිපාක වින්ඳා. ඒ නිසා අදත් අපි දේශීය නිෂ්පාදන ඉහළ දැමීම හා ඒ නිෂ්පාදනකරුවන් රැකගැනීමේ අභියෝගයට මුහුණ දෙනවා.

     


    මිත්‍රවරුනි,


    නව බතික් පුහුණු මධ්‍යස්ථානවලින් නව්‍යකරණය වූ දේශිය රෙදිපිළි හා බතික් කලාවක් බිහිවනු ඇතැයි විශ්වාස කරනවා - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා

    අලුතින් ස්ථාපිත කළ පුහුණු මධ්‍යස්ථාන ඔස්සේ නව්‍යකරණය වූ දේශීය රෙදිපිළි හා බතික් කලාවක් බිහිවනු ඇතැයි තමන් විශ්වාස කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
    දිවයින පුරා ස්ථාපිත කළ බතික් සහ දේශීය ඇඟළුම් පුහුණු මධ්‍යස්ථාන 160ක් අරලියගහ මන්දිරයේ සිට මාර්ගගත ක්‍රමවේදය යටතේ සංකේතාත්මකව විවෘත කරමින් අග්‍රාමාත්‍යතුමා අද (09) දින පෙරවරුවේ මේ බව සඳහන් කළේය.
    බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් හා ආයතන ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් අරලියගහ මන්දිරයේ මෙම සමාරම්භක උත්සවය පැවැත්විණි.
    මෙයට සමඟාමීව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ඔබේසේකරපුර ඇසළ ක්‍රීඩාංගණය අසළ පිහිටි පුහුණු මධ්‍යස්ථානය විවෘත කීරීම සංකේතාත්මකව සිදුවිය. පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා එම අවස්ථාවට එක්ව සිටියේය.
    බතික් පුහුණු නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ වාර්තාමය වැඩසටහනක් ද සමාරම්භක උත්සවයට සමඟාමීව විකාශය කෙරිණි.


    දිවයින පුරා ස්ථාපිත කළ බතික් සහ දේශීය ඇඟළුම් පුහුණු මධ්‍යස්ථාන 160ක් විවෘත කරමින් අග්‍රාමාත්‍යතුමා කළ සම්පූර්ණ කතාව මෙසේය.


    මිත්‍රවරුනි,
    අපේ රටට වර්ණවත් සංස්කෘතියක් වගේම වර්ණවත් ඉතිහාසයක් තියෙනවා. අපි විවිධ ජන කණ්ඩායම් හා ආගම්වලින් පෝෂණය වුණ රටක්. අපේ මිනිස්සුන්ගේ සිතුම් පැතුම්, ජීවන රටා, විලාසිතා ගත්තත් බොහෝම වර්ණවත්. මේ සංස්කෘතියට මේ වර්ණ එකතු කරන කලාවන් කිහිපයක් අපි දකිනවා.
    දේශීය ඇඟලුම් වගේම බතික් කලාවත් ඒ අතර තිබෙන බවයි අපි විශ්වාස කරන්නෙ.‍
    එදා විවෘත ආර්ථිකය අපේ රටට හඳුන්වා දෙන්න කලින් මේ අත්යන්ත්‍ර රෙදිපිළිවලට විශාල පිළිගැනීමක් තිබුණා. හැබැයි විවෘත ආර්ථිකය හඳුන්වලා දීපු දවසෙ ඉඳන් පිටරට රෙදි පිළි වලට දොරටු විවර වුණා. මේ නිසා සිදුවෙච්ච අභාග්‍ය සම්පන්න දේ තමයි අපේ දේශීය ආර්ථිකයට පණ දෙන්න තිබුණ කර්මාන්තශාලා ටික වැහිලා ගියපු එක.
    තුල්හිරියෙ පෙහෙ කම්හල වගේ මුළු රටටම රෙදි පිළි දීපු තැන් වැහිලා ගියා. එදා විවෘත ආර්ථිකය අපේ රටට හඳුන්වල දෙනකොට දේශීය දේ රැකගන්න වැඩපිළිවෙලක් තිබුණෙ නැහැ. දශක ගණනාවක් අපි එහි ප්‍රතිවිපාක වින්ඳා. ඒ නිසා අදත් අපි දේශීය නිෂ්පාදන ඉහළ දැමීම හා ඒ නිෂ්පාදනකරුවන් රැකගැනීමේ අභියෝගයට මුහුණ දෙනවා.
    මිත්‍රවරුනි,

     

    කොටසක් අපි දේශීය නිෂ්පාදකයන්ට භාර කරනවා. ඒ විතරක් නෙමෙයි රාජ්‍ය ආයතනවලට අවශ්‍ය බතික් ඇතුළු දේශීය රෙදිපිළි අදාළ ආයතනය පිහිටි පළාතේ දේශිය නිෂ්පාදකයන්ගෙන් මිලට ගන්න යාන්ත්‍රණයක් දැනටමත් අපි හඳුන්වා දී තිබෙනවා. මට මතක විධියට අපේ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ ඇමතිතුමා කැබිනට්ටුවට ඉදිරිපත් කරපු යෝජනාවට ඒ සඳහා අනුමැතිය ලැබුණා.
    මිත්‍රවරුනි,
    විශේෂයෙන් අත් යන්ත්‍ර හා බතික් රෙදිපිළි ආනයනය නතර කිරීමෙන් දේශීය රෙදිපිළි නිෂ්පාදනයට ඇති බාධා ඉවත් කරන්න අපට හැකිවුණා. අපේ රටේ රෙදි පිළිවලට සංචාරකයන්ගේ විශාල ආකර්ශනයක් තිබෙනවා. මේ කර්මාන්තය ජාත්‍යන්තරයට ගෙනියන්නත් එය හොඳ මාවතක්.
    ඒනිසා මේ හැමදේටම සරිලන නව්‍යකරණය වූ දේශීය රෙදිපිළි හා බතික් කලාවක් මේ පුහුණු සහ නිෂ්පාදන මධ්‍යස්ථානවලින් බිහිවනු ඇතැයි අපි විශ්වාස කරනවා.
    නිෂ්පාදනය කරන ඇඳුම් පැළඳුම්වලට ගුණාත්මක නිමාවක් ලබා දීම වගේම, පරිසර හිතකාමීව ඒවා ඉටු කරන ආකාරය පුහුණු කිරීමත් අත්‍යවශ්‍යයයි. අපේ දරුවන් මේවා නිවැරදි ආකාරයට ඉගෙන ගැනීමෙන් අනාගතයේ දවසක ඔවුන්ට මේ ක්ෂේත්‍රයේම ව්‍යවසායකයන් ලෙස ඉදිරියට ඒමට හැකියාව ලැබෙනවා. ඒ වගේම පරිසර හානිය පවා අවම කරගෙන නිෂ්පාදන කටයුතු මෙහෙයවන ආකාරය දැනගැනීම රටේ අනාගත යහපැවැත්මට ඉතා වැදගත් වනු ඇතැයි අප විශ්වාස කරනවා.
    ඔබ සැමට නිරෝගිමත් සුබ අනාගතයක් වේවා! යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.


    මෙම අවස්ථාවට බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති, අතිරේක ලේකම් (පාලන) ඩී.නන්දනී සමරවික්‍රම, අතිරේක ලේකම් (සංවර්ධන) සුජීවා ජී පල්ලියගුරුගේ, ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ සභාපති අජිත් ජයවර්ධන, ලංකා සළුසල සභාපති ඩෙන්සිල් පෙරේරා,ලක්සල සභාපති ලක්මාල් වික්‍රමාරච්චි, ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟළුම් ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සරත් ප්‍රනාන්දු,ලක්සල අධ්‍යක්ෂ කැළුම් ජයවර්ධන මහත්ම මහත්මීහු ඇතුළු ආයතන ප්‍රධානීහු කිහිප දෙනෙක් එක්ව සිටියහ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya