පෙබරවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න දෙක බැගින් ඇසීමට ආණ්ඩු පක්ෂයට හා විපක්ෂයට යළි අවස්ථාව

    නොවැම්බර් 10, 2021

    ආණ්ඩු පක්ෂයට මෙන්ම විපක්ෂයට අග්ටාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න දෙක බැගින් විමසා පිළිතුරු ලබාගැනීමට පාර්ලිමේන්තුවේදී ලබා දෙන අවස්ථාව, (10 බදාදා ) යළි ක්‍රියාත්මක වන බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

     

    කොවිඩ් තත්වය මත පාර්ලිමේන්තුව නිසි පරිදි රැස් නොවු පසුගිය කාලයේ මෙම ප්‍රශ්න ඇසීමේ අවස්ථාව ලබා දීමට හැකියාව ලැබුණේ නැත.

    එමෙන්ම 2021.11.10 බදාදා, 2020 අංක 07 දරණ විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කරන අතර, 1969 අංක 01 දරණ ආනයන හා අපනයන(පාලන) පනත යටතේ නිකුත් කරන ලද රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරනු ඇත. එමෙන්ම එදින ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් දැනට පවත්නා වීසා කාලය ප්‍රතිශෝධනය කිරීම සඳහා ආගාමික හා විගාමික පනතට සංශෝධන අනුමත කර ගැනීමට නියමිත බව සභානායක ලේකම් හර්ෂ විජේවර්ධන මහතා සඳහන් කළේය.

    මීට අමතරව,1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයා විසින් කරන ලද ආඥාවට අදාළ ගැසට් පත්‍රය 2021.11.10 බදාදා පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමටද 2021.11.09 රැස් වූ පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේදී තීරණය වී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya