ජාතික ජන බලවේගය පක්ෂයේ නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා, අග්‍රාමාත්‍යවරයා වෙත යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
නව ව්‍යවස්ථාව සකස් කිරීම සඳහා ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් පත් කර ඇති බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
අභියාචනාධිකරණයේ හිටපු සභාපති විනිසුරු අබ්දුල් වහීබ්, අබ්දුල් සලාම්,මහාචාර්ය වසන්ත සෙනෙවිරත්න,මහාචාර්ය ජී.එච් පිරිස්, ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා , ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන, ජනාධිපති නීතිඥ සමන්ත රත්වත්තේ ජනාධිපති නීතිඥ නවීන් මාරපන සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඒ.එස් සර්වේස්වරන් යන මහත්වරුන් එම කමිටුවේ සෙසු සාමාජිකයන් වශයෙන් කටයුතු කරයි.
සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් රටට නව ව්‍යවස්ථාවක් ගෙන එන බවට පොරොන්දුවක් ලබා දුන් බවත් එම ජනවරමට අනුව යමින් රජය නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු කරගෙන යන බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
විවිධ පාර්ශවයන්ගේ අඳහස් සැළකිල්ලට ගෙන අධ්‍යයන කර ශ්‍රී ලංකාවට ආවේණික වූ යෝජනා සහිත ව්‍යවස්ථාවක් සකස් කරන බවත් රටට ආවේණික සංකල්පමය නීතිමය රාමුවක් සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට ජනාධිපති කාර්ය සාධක බලකායක්ද පත්කර ඇති බවත් අගමැතිවරයා ප්‍රකාශ කළේය