පෙබරවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ඇතැම් පිරිස් රටපුරා උද්ඝෝෂණ රැල්ලක් නිර්මාණය කර කොවිඩ් වසංගතය නැවත වැඩි කිරීමේ උත්සාහයක යෙදෙනවා-අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන

    නොවැම්බර් 10, 2021

    ඇතැම් පිරිස් රටපුරා උද්ඝෝෂණ රැල්ලක් නිර්මාණය කර කොවිඩ් වසංගතය නැවත වැඩි කිරීමේ උත්සාහයක නිරත වී සිටින බව වරාය සහ නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.

    2021 මුදල් වර්ෂයට අදාළ 2020 අංක 7 දරන විර්ජන පනත සංශෝධනය සදහා වූ විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත, ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි සහ ආගාමික හා විගාමික (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ අද (10) දින විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේය.


    අභියෝග භාරගෙන රට ආර්ථික වශයෙන් ගොඩනැඟීමේ වගකීමෙන් රජය කටයුතු කරන බවත් 2022 වර්ෂය සඳහා ඉදිරිපත් කරන අයවැය සමග අභියෝග ජයගෙන ඉදිරියට යන බවත් ග්‍රාමීය නගර සංවර්ධනය සඳහා මෙවර අයවැයෙන් විශාල වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇති බවත් විශේෂයෙන්ම කොළඹ වරායේ නැගෙනහිර සහ බටහිර පර්යන්ත මෙරට නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත් අවශ්‍ය කටයුතු කරන බවද අමාත්‍යවරයා කීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya