අධික වර්ෂාව හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහක පවුල් 1106 කට අයත් 3817 දෙනෙකු පීඩාවට පත්ව සිටී.
ආපදා සහන සේවා දිස්ත්‍රික් නිලධාරිනී රෂීලා ලියනගමගේ මහත්මිය පැවසුවේ, දිස්ත්‍රික් ලේකම්වරයාගේ උපදෙස් පරිදි,ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සම්බන්ධීකරණයෙන් පිඩාවට පත් සියලු දෙනාට පිසූ ආහාර ලබා දෙන බවයි. දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා ද ජල ගැලීම් සිදුවූ ප්‍රදේශ කිහිපයක සංචාරය කළේ ය.
ජල ගැලීම් හේතුවෙන් වැඩිම පිරිසක් පීඩාවට පත්ව සිටින්නේ, නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ යි. නොච්චියාගම පවුල් 409 කට අයත් 1422 දෙනෙක් පීඩාවට පත්ව සිටී.මධ්‍යම නුවරගම්පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අවතැන් පිරිස 1123 කි. ඔවුන් පවුල් 314 කට අයත්. මීට අමතර විලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 129 කට අයත් 426 දෙනෙකු,රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 232 කට අයත් 766 දෙනෙකු හා තඹුත්තේගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල් 22 කට අයත් 80 දෙනෙකු පීඩාවට පත්ව සිටී.
සම්පූර්ණයෙන් ම ජලය බැසගිය පසුව නිවාස හා දේපල වලට සිදු වූ හානි පිලිබඳව සොයා බැලීම ආරම්භ කරන බව ද දිස්ත්‍රික් ආපදා සහන සේවා නිලධාරිනී රෂීලා ලියනගමගේ මහත්මිය සඳහන් කළා ය.
DMU/Anuradhapura