අප්‍රේල් 22, 2025
tami eng youtube  twitter facebook

    ආයෝජන මණ්ඩලය 11 වැනිදා කෝප් කමිටුව හමුවට

    නොවැම්බර් 10, 2021

    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) හමුවට නොවැම්බර් 11 වැනිදා කැඳවා ඇති බව කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.

    ඒ අනුව, නව අපනයන සැකසුම් කලාප පිහිටුවීමේ ක්‍රියාවලියේ කාර්ය සාධනය ඇගයීම පිළිබඳ විගණකාධිපතිවරයාගේ වාර්තාව මෙදින සාකච්ඡා කිරීමට නියමිතය.

    මේ අතර ජාතික තරුණ සේවා සභාව සමගින් තරුණ සේවා (පුද්ගලික) සමාගම ලබන 16 වන දින ද , ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ලබන 17 වන දින ද භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය ලබන 23 වැනිදා ද කෝප් කමිටුව හමුවට කැදවන බව සභාපතිවරයා පැවසීය.


    තවද නොවැම්බර් 24 වන දින ගල්ඔය වැවිලි සමාගම ද නොවැම්බර් 30 වන දින ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියද කෝප් කමිටුව හමුවට කැදවා ඇත. එසේම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනය‍ (NIBM) , ශ්‍රී ලංකා පදනම් ආයතනය සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය යන ආයතන පිළිවෙළින් දෙසැම්බර් මස 01, 02, 07, 09 යන දිනවල කැඳවා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya