අප්‍රේල් 22, 2025
tami eng youtube  twitter facebook

    ආපදාවට ලක් වු පිරිස් වෙත අවශ්‍ය සහන ලබා දීමට පියවර- අවදානම් නොතකා කටයුතු කරන්නේ නම් නීතිමය ක්‍රියාමාර්ග

    නොවැම්බර් 10, 2021

    ආපදා අවදානම් ඇති ප්‍රදේශවල ජනතාව ඒම ප්‍රදේශ වලින් ඉවත් නොවීම නිසා සහ අපරීක්ෂා කාරී ආකාරයෙන් කටයුතු කිරීම නිසා මෙවර ආපදා හානි වාර්තා වී ඇති බවත් මහජන ආරක්ෂාව සැලසීම රජයේ වගකීමක් බැවින් අවදානම් නොතකා කටයුතු කරන්නේ නම් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවෙන බව ජාතික ආරක්ෂාව සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා පවසයි.

    පසුගිය දින 10 ඇතුළත ලංකාවේ දිස්ත්‍රික්ක 17ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 126කට මෙම ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑම් ඇති කර තිබෙන බව කී අධ්‍යක්ෂ ජනරාල්වරයා,
    මියයාම් 20ක් එක් අතුරුදන්වීමක් සහ තුවාල ලැබීම් 05ක් වාර්තා වී ඇති අතර මේ වන විට සුරක්ෂිත මධ්‍යස්ථාන 23ක් දිස්ත්‍රික්ක කිහිපයක ස්ථාපිත කර ඇති බවත් එම මධ්‍යස්ථානවල පවුල් 384ක පුද්ගලයින් 1498ක් රඳවා තිබෙන බව කීය.

    මීට අමතරව කොවිඩ් තත්වය හමුවේ හැකි පුද්ගලයන්ට සිය ඥාති නිවෙස්වල රැඳී සිටීමට අවස්ථාව සළසා ඇති බව පවසන ඒ මහතා ඒ අනුව පවුල් 1020ක පුද්ගලයන් 3537ක් ඒලෙස රැඳී ස්ටින බව පැවසීය.සම්පූර්ණයෙන් බලපෑමට ලක් වූ සංඛ්‍යාව පවුල් 17481ක පුද්ගලයන් 62247ක් බවත් ඒ් මහතා පෙන්වා දේ.මේ දක්වා පූර්ණ නිවාස හානි 18ක් වාර්තා වී ඇති අතර අර්ධ වශයෙන් හානියට පත් නිවාස සංඛ්‍යාව 960ක් වේ.

    මිය යාම් පිළිබඳව අදහස් දක්වන ඒ මහතා ඉන් 12ක් ම සිදුව ඇත්තේ දියේ ගිලීමෙන් බවත් ඒක් සිදුවීමක් සැඩ පහරට හසුවීමෙන් සිදු වූවක් බවත් පෙන්වා දේ.පිහිනීමට පාරු පැදීමට යාමෙන් මෙම අනතුරු සිදු වී ඇති බව පෙන්වා දෙන ඒ මහතා මේවා සියල්ල වළක්වා ගැනීමට සිදු වූ සිද්ධීන් බවත් අපරීක්ෂාකාරී හැසිරීම් හේතුවෙන් සිදු වූ බවත් ඒ මහතා පැවසීය.

    අකුණු සැර වැදීමෙන් ජීවිත හානි දෙකක් වාර්තා වූ බවත් නායයාම් සම්බන්ධයෙන් පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවත් ඒමහතා වැඩිදුරටත් පැවසීය.කෑග්ලල ප්‍රදේශයේ සිදු වූ නායයාමකින් පුද්ගලයන් දෙදෙනෙකු යටවී ඇති බවත් සඳහන් කළේ ය.

    ආපදාවට ලක් වු පිරිස් වෙත අවශ්‍ය සහන ලබා දීමට ජාතික ආරක්ෂක සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය කටයුතු කරන බවත් අදාළ සම්බන්ධිකරණය දිස්ත්‍රික් ලේකම්වරු මහින් සිදු කරන බවත් ඒසේම සෙවීම් සහ මුදවා ගැනීම් කටයුතු සදහා ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය කටයුතු කරන අතර සෙවීම් මුදවා ගැනීම් සදහා අතිරේක හමුදා කණ්ඩායම් මේ වන විටත් දිස්ත්‍රික්ක වෙත යොමු කර ඇති බවත් පැවසීය

     ඒ් අනුව නුවරඑළිය , කළුතර , බදුල්ල , ගාල්ල , මන්නාරම , ගම්පහ , සහ යාපනය ප්‍රදේශවල පිහිටා ඇති සහන මධ්‍යස්ථානවලට  ලබා දිය යුතු සියලු අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීමේ කටයුතු සිදු කරන බව ඒ් මහතා පැවසීය.මීට අමතරව ආපදාවට ලක්වූ 62640ක් වූ පුද්ගලයන් සියලු දෙනාට අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සහ ග්‍රාම නිලධාරී මට්ටමින් ලබා දිය යුතු සහන සහ ආහාර පාන ලබා දීම සිදු කෙරේ.

     

     දිස්ත්‍රික් මට්ටමින් දිස්ත්‍රික් ලේකම්වරුන් ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ග්‍රාම නිලධාරීවරුන් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂවරුන් ආපදා සහන සේවා සංවර්ධන නිලධාරීන් මෙන්ම ත්‍රිවිධ හමුදාව සෑම දිස්ත්‍රික්කයකම යොදවා ඇති බවත් ත්‍රිවිධ හමුදාවේ විශාල සංඛ්‍යාවක් භූමියේ කටයුතු කිරීමට යොදා ඇති බවත් හෙතෙම කියා සිටී.සහන සළසන අතරතුර හානි පූර්ණ ලබා දීම සිදු කෙරෙන බවත් පුද්ගලයන් දැනුවත් කිරීම සම්බන්ධව සැළකීමේදී මෙම ආපදා තත්වය හදිසියේ ඇතිවූවක් නොව බවත් මේ පිළීබඳව දිගින් දිගටම ජනතාව දැනුවත් කළ බවත්  .නායයාම් සම්බන්ධව රතු නිවේදන නිකුත් කර තිබෙන ස්ථානවලින් ඉවත් නොවන කණ්ඩායම් පිීළබඳව පොලිස්පතිවරයා දැනුවත් කර ඇති බවත් අවවාද පිළි නොගන්නේ නම් හා ඉවත් නොවන්නේ නම් දිසාපතිවරුන්ට බලය පවරා ඇති අතර උසාවි මාර්ගයෙන් හෝ මෙම පිරිස් ඉවත් කෙරෙන බව ඒ මහතා අවධාරණය කළේය.

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya