රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (10) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කීය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනතුරු ඇඟවීම් අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුවට ගංවතුර පූර්ව ඇඟවීම් නිවේදනයන් නිකුත් කිරීමට හැකි වූ බවත් කැළණිගඟ ද්‍රෝණිය සහ අත්තනගලු ද්‍රෝණීය සුළු ගංවතුර තත්ත්වයකට පත්වූ බවත් ඒසේ පත්වීමට පැය 8-10ත් අතර කාලයකට පෙර ජනතාව දැනුවත් කිරීමට කටයුතු සිදු කළ බවත් පැවසීය.
මේ කාලය ඇතුළත වාර්තා වූ විශාලම ගංවතුර තත්ත්වය මහඔය ගංගා ද්‍රෝණිය ආශ්‍රිතව හටගත් බවත් විශේෂයෙන්ම ගිරිඋල්ල වැනි ප්‍රදේශ ඉන් දැඩි බලපෑමට ලක්වූ බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
ගිං ගංගාවේ සහ නිල්වලා ගංගාවේ පහළ ප්‍රදේශය ආරක්ෂා කිරීමට බැමි ඉදිකර ඇති අතර පහළ කොටසෙහි සුළු ගංවතුර තත්ත්වයක් ඇති වූ බවත් දැදුරු ඔය ද්‍රෝණියේ පහළ හලාවත දක්වා ප්‍රදේශවලටත් මී ඔය ගංගා ද්‍රෝණියේ තබ්බෝව ජලාශයෙන් පහළ කොටසට ද සැළකිය යුතු ගංවතුර තත්ත්වයක් ඇති වූ බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
මෙම ජලාශවල වාන් දොරටු විවෘත නොකරන්නේ නම් ජලාශවලට විශාල හානි සිදුවන බවත් පෙන්වා ඒ මහතා,ජලාශ බිඳී ගියහොත් පහළ ප්‍රදේශවලට මීට වඩා දරුණු තත්වයන් ඇති වීමට ඉඩ ඇති බවද වැඩි දුරටත් පෙන්වා දුන්නේය.
මේ වන විට පවතින තත්වය පිළිබඳ සැළකීමේදී ඊයේ (09) රාත්‍රීයේ දැදුරු ඔය ඉහළ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ලැබුණු බවත් ඒබැවින් අද උදෑසන වන විට දැදුරු ඔයේ වාන් දොරටු කිහිපයක් විවෘත කිරීමට සිදුවූ බවත් ඒම ජලධාරිතාව ජලාශයට දරා ගැනීමට අපහසු තත්වයක් බවත් පැවසීය.
තත්පරයට ඝණ අඩි 10000කින් නිකුත් කර තිබූ ජල ධාරිතාව උදෑසන වන විට තත්පරයට ජල ඝණ අඩි 16000ක් දක්වා වැඩි කිරීමට සිදු වූ බවත් ඒ මහතා කියා සිටියේය.ඒබැවින් දැදුරු ඔය පහළ ප්‍රදේශවල ගංවතුර වැඩිවීමක් අපේක්ෂා කරන බවද ඒ මහතා කියා සිටී.
මල්වතු ඔය ආශ්‍රිත මන්නාරම ප්‍රදේශයේ වෙන්නඩිචෙඩ්ඩිකුලම් , මඩු , මූසාලෛ සහ නැනන්ඩාන් ප්‍රදේශ මේ වන විට ගංවතුර තත්වයකට පත්ව නැතත් ඉදිරියේදී සුළු ගංවතුර තත්වයක් අපේක්ෂා කරන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.ඒබැවින් ඒම ප්‍රදේශවල ජීවත්වන ජනතාව විමසිල්ලෙන් පසුවන ලෙසද ඒ් මහතා අවධාරණය කර සිටී.