ජාතික ගොඩනැගිලි පර්‍යේෂණ ආයතනය හා මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් අද මාර්ග නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාර්ගය විවෘත කරන වේලාව දනුම් දීමට නියමිතයි.
කොළඹ සිට මහනුවරට පැමිණෙන රථවාහන සදහා විකල්ප ලෙස
1.අඹේපුස්සට හරහා කුරුණෑගලට පැමිණ ගලගෙදර -කටුගස්තොට හරහා මහනුවර
2.කෑගල්ල සිට පොල්ගහවෙලට පැමිණ කුරුණෑගල ඉන් අනතුරුව ගලගෙදර කටුගස්තොට හරහා මහනුවර
3.මාවනැල්ල සිට රඹුක්කන -හතරලියැද්ද -ගලගෙදර කටුගස්තොට හරහා මහනුවර.
4.මාවනැල්ල සිට හෙම්මාතගමට පැමිණ ගම්පොල -පේරාදෙණිය මහනුවර
යන මාර්ග භාවිතා කළහැකි බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සදහන් කරයි.
මහනුවර සිට කොළඹට ගමන් කරන රථවාහන සදහා විකල්ප මාර්ග ලෙස
1.කටුගස්තොට ගලගෙදර සිට කුරුණෑගලට පැමිණ කොලඹ දක්වා
2.කටුගස්තොට -ගලගෙදර-රඹුක්කනට පැමිණ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට පැමිණ කොළඹට යන මාර්ග භාවිතා කළ හැකිබව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් මහතා වැඩිදුරටත් පවසයි