දිස්ත්‍රික්ක 25ටම මෙම සංකල්පය යටතේ බස් රථ පුස්තකාල පිරිනමා තිබූ අතර ඒ අනුව මාතර දිස්ත්‍රික්කයට හිමි පුස්තකාලය අද ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතය.
“බසයෙන් අනාගතයට” පළමු අදියර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය ඔක්තෝම්බර් 1 වැනිදාට යෙදුණු ලෝක ළමා දිනය දා ක්‍රියාත්මක වූ අතර, එදින දිස්ත්‍රික්ක 5ක තෝරාගත් පාසල් 5ක් සඳහා බස් රථ පුස්තකාල ප්‍රදානය කෙරිණි.