විදේශ රැකියා ක්ෂේත්රයේ දියුණුව වෙනුවෙන් වසර 3ක ජාතික සැලැස්මක් සකස් කර ඇති බවත්, එය 2022 වර්ෂයේ සිට ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය. විදේශ රැකියා අමාත්‍යාංශය, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා විදේශ රැකියා ඒජන්සි සමාගම මේ සඳහා දායකත්වය ලබාදෙන බවද ඔහු සඳහන් කලේය. එම සැලැස්ම මගින් ජාතික ආර්ථිකයට විදේශීය ප්‍රේෂණ වැඩියෙන් ලබාගැනීම මෙන්ම ගෘහ ආර්ථිකය දියුණු කිරිම තුළින් විගමණික පවුල් සෞභාග්‍යමත් කිරීමට හැකිවන බවද වැඩිදුරටත් කියා සිටියේය.
එසේම “විදේශ ශ්‍රමික බලකාය” නමින් වැඩසටහන් සෑම ග්‍රාම නිළධාරි වසමක් තුළම දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට කටයුතු කෙරේ. එමගින් අවිධිමත් විදේශ රැකියා සඳහා ගොස් අතරමංවීම වැලැක්විය හැකි බවද ඔහු සඳහන් කළේය. විදේශ රටවල පිහිටි සුරක්ෂා නිවාසවල එවැනි අවිධිමත්ව ගිය පිරිස් සිටින බවද සඳහන් කළේය. රැකියා සඳහා විදේශ ගතවීමේදී කාර්යාංශයේ ලියාපදිංචිය අනිවාර්යෙන්ම ලබාගෙන ශ්‍රමිකයාට ලබාදෙන රක්ෂණය හා සුභසාධනයන් හිමි කර ගැනීමට සුදුස්සන් විය යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
පෝලන්තය, ඊශ්‍රායලය, රුමේනියා, එංගලන්තය වැනි රටවලින් රැකියා සඳහා වැඩි ඉල්ලුමක් තිබෙන බවත්, කුසලතා සහිත ශ්‍රමිකයින්ට එහිදී අවස්ථාව හිමි වන බවද කියා සිටියේය. 2022 සිට 2024 දක්වා රුපියල් මිලියන 1025ක වටිනා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ස්විට්සර්ලන්ත රජය සමග ගිවිසුමක් අත්සන් කළ බවද සඳහන් කළේය.
මෙහිදී සිසුන් 95 දෙනෙකු සඳහා රු.2,385,000.00 ක ශිෂ්‍යාධාර මුදල් පිරිනමනු ලැබූ අතර, විදේශ රැකියාව අවසන් කර දිවයිනට පැමිණ ස්වයං රැකියාවල නිරත වන පුද්ගලයින් 12 දෙනෙකු සඳහා ස්වයං රැකියා ආධාර ලබාදෙන ලදී.
එම අවස්ථාවට විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර, අමාත්‍යංශයේ අතිරේක ලේකම් යමුනා පෙරේරා, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ, සාමාන්‍යාධිකාරි ඩී. ඩී. පී. සේනානායක, පුත්තලම දිස්ත්‍රික් ලේකම් කේ. ජී. විජේසිරි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.