පෙබරවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ගුරු විදුහල්පති ගැටලුව විසඳීමට මැදිහත් වූ සැමට අධ්‍යාපන ඇමති ප්‍රණාමය පුද කරයි

    නොවැම්බර් 11, 2021

     දශක දෙකහමාරක් තිස්සේ නොවිසිඳුනු ගුරු විදුහල්පති ගැටලුව විසඳීමට මැදිහත් වූ සැමට අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිය ප්‍රණාමය පුද කරයි.

    නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

     

    දශක දෙකහමාරක් තිස්සේ නොවිසිඳුනු ගුරු විදුහල්පති ගැටලුව විසඳීමට මැදිහත් වූ සැමට අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රණාමය.
    -----------------------------
    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රධාන අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් අද (10) දින ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ විශේෂ
    ආරාධනය මත පැවති විදුහල්පති ගුරු වෘත්තීය සමිති සාකච්ඡාවේ දී ගුරු විදුහල්පති ගැටළුව සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන එකවර ලබා දීමට ක්‍රියාත්මක වීම පිළිබඳව මුදල් අමාත්‍ය ගරු බැසිල්
    රාජපක්ෂ මැතිතුමාට අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් ස්තූතිය පුදකරමු.

    හතලිස් තුන් ලක්ෂයකට අධික සිසු දරු දැරියන්ට තම අධ්‍යයන කටයුතු නිසියාකාරව කරගෙන යාමටත්, දෙලක්ෂ විසිපන්දහසකට අධික ගුරුවරුන්ගේ මෙම ගැටලුව විසඳීම තුළින් හැකිවෙනු
    ඇත.

    රට වර්තමානයේ පවතින තත්ත්වය හමුවේ වුවද, මෙය ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම පිළිබඳව, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත්, අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ
    මැතිතුමාටත්, මුදල් අමාත්‍ය ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාටත් සම්බන්දිත සියලු අමාත්‍යවරුන්ටත් ගෞරවය පුදකරන අතර, මෙම ක්‍රියාදාමය තුළ සියලු වෘත්තීය සමිති එක්ව අත්වැල් බැඳගෙන
    කටයුතු කරනු ඇතැයි අප විශ්වාස කරමු.

    දිනේෂ් ගුණවර්ධන (පා.ම)
    අධ්‍යාපන අමාත්‍ය

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya