පෙබරවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ගං වතුරෙන් ආපදාවට පත් පුද්ගලයන් 288 දෙනෙකු නාවික හමුදාවෙන් මුදා ගනියි

    නොවැම්බර් 12, 2021

    අධික වැසි තත්ත්වය හමුවේ ආපදාවට පත්ව සිටි පුද්ගලයන් මුදා ගැනීම සඳහා (2021 නොවැම්බර් මස 08 සිට 10 දක්වා ) දිවයිනේ ප්‍රදේශ රැසක නාවික හමුදාව සිදු කළ ආපදා සහන මෙහෙයුම් මඟින්  පුද්ගලයින් 288 දෙනෙකු මුදා ගැනීමෙන් පසු ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කර අවශ්‍ය සහන සැලසීමට කටයුතු කෙරිණි.

    අධික වර්ෂාව හේතුවෙන් ආපදාවට පත් ජනතාවට සහන සැළසීම සඳහා නාවික හමුදාව මඟින් බස්නාහිර, දකුණ, උතුරු මැද, වයඹ සහ සබරගමුව පළාත් ආවරණය වන පරිදි කළුතර පරගොඩ, රත්නපුර නව නගරය, ගාල්ල උඩලමත්ත, පුත්තලම පාලවිය, වනාතවිල්ලුව, එළුවන්කුලම, මන්නාරම මාර්ගය, කල්පිටිය, උඩුබද්දාව, තාරවිල්ලුව, කොටදෙනියාව හා කරඹේ, කුරුණෑගල ගිරිඋල්ල සහ අනුරාධපුර රාජාංගණය යන ප්‍රදේශ වෙත නාවික හමුදා සහන කණ්ඩායම් 14ක් යොදවා ඇත.

     

    ඒ අනුව, අධික වැසි හේතුවෙන් කල්පිටිය පාලවිය හා කරඹේ ප්‍රදේශයේ ආපදාවට පත් පුද්ගලයින් 95 දෙනෙකු ද, මා ඔය පිටාර ගැලීම හේතුවෙන් කුරුණෑගල ගිරිඋල්ල ප්‍රදේශයේ ආපදාවට පත් පුද්ගලයන් 77 දෙනෙකු ද, කලා ඔය හා බත්තුලු ඔය පිටාර ගැලීම හේතුවෙන් පුත්තලම වතාතවිල්ලුව, එළුවන්කුලම හා තාරවිල්ලුව ප්‍රදේශයන්හි ආපදාවට පත්ව සිටි පුද්ගලයන් 93 දෙනෙකු ද, කරබලන් ඔය පිටාර ගැලීමෙන් උඩුබද්දාව ප්‍රදේශයේ ආපදාවට පත් පුද්ගලයන් 23 දෙනෙකු ද, වශයෙන් මේ වන විට පුද්ගලයන් 288 දෙනෙකු මෙලෙස මුදා ගැනීමෙන් පසු ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කර අවශ්‍ය සහන සැලසීමට නාවික හමුදා සහන කණ්ඩායම් විසින් කටයුතු කෙරිණි.

     

    තවද, අධික වැසි තත්ත්වය හමුවේ ජනතාවට සහන සැලසීම සඳහා අවශ්‍ය පරිදි ස්ථානගත කිරීමට තවත් අමතර සහන කණ්ඩායම් 60ක් බටහිර, නැගෙනහිර, දකුණ, වයඹ සහ උතුරු මැද නාවික විධානයන් තුළ සූදානමින් තබා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya