පෙබරවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    අයවැය කතාව ආරම්භ කරයි

    නොවැම්බර් 12, 2021

    2022 වර්ෂයට අදාළ රජයේ වියදම් ඇතුළත් අයවැය කතාව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් මීට සුළු මොහොතකට පෙර ආරම්භ කළේ ය.

    නිදහස් ශ්‍රී ලංකාවේ 76 වන අයවැය ලේඛනය වන මෙය වත්මන් ආණ්ඩුවේ දෙවැනි අයවැය සහ මුදල් අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කරනු ලබන පළමු අයවැය ලේඛනය ද වෙයි.

    මෙරට 76 වන අයවැය වාර්තාව වන මෙවර අය වැය තුලින් 2022 මුදල් වර්ෂයට අදාළව රජයේ සේවා වියදම් සඳහා රුපියල් බිලියන 2505.3කට අධික මුදලක් වෙන් කර ඇත. විසර්ජන පනත අනුව 2021 වසරට සාපේක්‍ෂව 2022 වසරේ රජයේ වියදම බිලියන 33කින් අඩුකර ඇත. 2022 වසරේ පොදු සේවාවන් වෙනුවෙන් රජය රුපියල් බිලියන 12.6ක් වෙන්කර ඇත.

    පසු කොවිඩ් තත්ත්වයට සාර්ථකව මුහු දෙමින් ආර්ථිකය යථාවත් කිරීමේ යෝජනා රැසක් ද අයවැය ලේඛනයට ඇතුළත් ය. මුදල් අමාත්‍යවරයා අයවැය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට සිට (නොවැම්බර් 13 සෙනසුරාදා) නොවැම්බර් 22 සඳුදා දක්වා දින 07ක් දෙවෙනිවර කියැවීමේ විවාදය පැවැත්වීමට නියමිතය. ඉන්පසු නොවැම්බර් 22 වැනි සඳුදා පස්වරු 5.00ට දෙවෙනිවර කියැවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.

    නොවැම්බර් 23 වැනි අගහරුවාදා සිට කාරක සභා අවස්ථාවේ විවාදය ආරම්භ වන අතර සෙනසුරාදා ද ඇතුළුව දෙසැම්බර් 10 වන සිකුරාදා දක්වා දින 16ක් එම විවාදය පැවැත්වීමට නියමිතය. අනතුරුව දෙසැම්බර් 10 වන දින සවස 5.00ට තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya